SKIP TO MAIN CONTENT

ජාතියක් ලෙසට ඉදිරියට යාමේදී ඇතැම් දේවල් පාසල් අධ්‍යාපනය තුලින්ම වියයුතුයි - ශ්‍රී ලංකා නව අධිකරණ ඇමතිනිය මල්වතු නාහිමියන් හමුවේ කියයි (වීඩියෝ සහිතයි)

Newly appointed justice minister in Sri Lanka -
Ms. Thalatha Athukorala Source: SBS Sinhala

2 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Presented by Nadeeka Daya Bandara - Kandy - Sri Lanka


Skip to article content

නව අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී දන්ත ධාතූන් වහන්සේ වැද පුදාගැනීමෙන් අනතුරුව මල්වතු මහා විහාරයට පැමිණ එම පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ බැදැ දැක ආශිර්වාද ලබා ගත්තාය. ඇමතිනිය සමඟ රටේ පවතින වාතාවරණය පිළිබදව දීර්ඝ වේලාවක් සාකච්ඡා කළ මහා නායක හිමිපාණන් වහන්සේ පවතින තත්ත්වය මහජන හිතවාදී පාලනයක් බවට පත් කිරීම සදහා කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු යැයි සදහන් කළහ. එසේම ඉරිදා දිනවල දහම් පාසල් පැවැත්වීම සදහා පුද්ගලික උපකාරක පංති තහනම් කරන ලෙස වසර ගණනාවක සිට ඉල්ලීම් රැසක් යොමු කළ නමුත් මේ දක්වා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව ද උන්වහන්සේ පැවසූහ. පුද්ගලික උපකාරක පංති සිය ප්‍රදේශය තුළ තහනම් කිරීමේ බලය ඇත්තේ මධ්‍යම රජයට නොව පළාත් සභාවට වන බවත් කෙසේ හෝ ඒ තහනම ක්‍රියාත්මක කළත් පුද්ගලික මට්ටමින් පංති පැවැත්වීම තහනම් කිරීමේ හැකියාවක් හෝ ඒ පිළිබදව විමර්ශනය කිරීමේ හැකියාවක් නොමැති බව නව අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සදහන් කළාය.

තවදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ පැවසුයේ මහා සංඝරත්නය සම්බන්ධ අධිකරණමය ක්‍රියාමාර්ග සදහා නඩු විභාග කිරීමේදී එම කාර්යය පොදු ජනතාවට විවෘත නොවන පරිදි සිදුවන්නේ නම් වඩා සුදුසු බවයි. අතීතයේ එවැනි තත්ත්වයක් තිබුණු නමුත් අද පොදුවේ නඩු විභාග කිරීම නිසා මහා සංඝරත්නය දැඩි අසීරුතාවට පත්වන බවද නඩුව පිළිබදව සියලු දෙනාට තොරතුරු විවෘත වීම මෙන්ම උන්වහන්සේ හට දානය පවා අහිමි වන බැවින් යම් සාධාරණ ක්‍රියාමාර්ගයක් ගත යුතු යැයි මහා නායක හිමිපාණන් වහන්සේ සදහන් කළහ.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ නව අධිකරණ අමාත්‍යවරිය සඳහන් කලේ තමන් විදේශ කටයුතු අමාත්‍යධූරය  දැරූ සමයේදී විදෙස් ගත වන අඩු ආදායම් ලාභී කාන්තාවන්ට සහන ලබාදී හා ඔවුන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට උපකාර රැසක් සිදුකළ බවයි. විදෙස් ගත විමේදී ගෘහ සේවිකාවන් රැසකට විවිධ තාඩන පීඩනවලට පත්වීමට සිදුවන බවත් ඇතැම් කාන්තාවන්ට කෙසේ හෝ ශ්‍රී ලංකාවේ ජීවත්විමට හැකියාවක් තිබුණත් ඔවුන් සිය කැමැත්තෙන් විදෙස්ගතවී අවසානයේදී ජීවිතය අදුරු කර ගත් අවස්ථා රැසක් තිබුණු බව ද අමාත්‍යවරිය සදහන් කළාය.

කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්න SBS සිංහල වැඩසටහනේ Facebook පිටුවට


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now