Brexit අවුල විසඳීමට ළඟදීම බ්‍රිතාන්‍යයේ මහ මැතිවරණයක් පැවැත්වෙන ලකුණු

Britain's Prime Boris Johnson leaves 10 Downing Street to attend the weekly Prime Ministers' Questions session.

Britain's Prime Minister Boris Johnson. Source: AAP

බ්‍රිතාන්‍යය, රටවල් 28 ක කන්ඩායමකින් සමන්විත යුරෝපා සංගමය සමඟ දේශසීමා සහ ආර්ථික ආදී ක්ෂේශ්ත්‍ර පිළිබඳව කිසිඳු පුර්ව එකඟතාවකට එළඹීමකින් තොරව ඉවත්වීමේ අවදානම තවමත් පවතින බව යුරෝපා සංගමයේ බ්‍රෙක්සිට් පිළිබඳ ප්‍රධාන ගනුදෙනු කරු ලෙසට ක්‍රියාකරන මයිකල් බාර්නියර් අනතුරු අඟවා සිටී.

බ්‍රිතාන්‍යට යුරෝපා සංගමයෙන් නිත්‍යානුකුලව ඉවත්වීමේ දිනය අදට (Oct 31) යෙදී තිබිණ. එහෙත් ඒ සඳහා වන යෝජනාව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුල සම්මත කොට ගැනීමට බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් අසමත් වුයේය. එසේම ඉවත්වීමෙන් අනතුරුව ස්වාධින රජයක් ලෙසින් යෝරෝපා හවුල සමඟ කටයුතු කිරීමේදී මතුවිය හැකි ගැටළු සඳහා පුර්ව එකඟතා වලට එළඹීමටද බ්‍රිතාන්‍ය තවමත් අපොහොසත් ව තිබේ.

මෙම තත්වය සැලකිල්ලට ගෙන බ්‍රිතාන්‍යට නිලවශයෙන් යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ දිනය ලබන වසරේ ජනවාරි 31 වනදා දක්වා ප්‍රමාද කිරීමට යුරෝපා සංගමය අවසර ලබාදී ඇත.

මේ අනුව බ්‍රිතාන්‍යයට ලබන වසරේ දෙසැම්බර් අවසානය දක්වා යුරෝපා සංගමයේ වෙළඳපොල තුල රැඳී සිටීමට අවසර ලැබෙන අතර එම සංක්‍රාන්ති කල සීමාවේදී බ්‍රිතාන්‍යත් - යුරෝපා සංගමයත් අතර නව වෙළඳ ගිවිසුමක් ඇතිකරගැනීම සඳහා අවකාශ සැලසෙයි.

එහෙත් බ්‍රිතාන්‍ය කිසිඳු එකඟතාවකින් තොරව යුරෝපා සංගමයෙන් ඉවත්වීමට තීරණය කළහොත් මෙම කිසිඳු වෙළඳ ගනුදෙනුවකට එළඹීමට යුරෝපා සංගමයට නොහැකි වනු ඇති බව යුරෝපා සංගමයේ බ්‍රෙක්සිට් ගනුදෙනු කරු ලෙසට ක්‍රියාකරන මයිකල් බාර්නියර් පවසා සිටී.

මෙම බ්‍රෙක්සිට් අවහිරය බිඳ දැමීම සඳහා දෙසැම්බර් 12 වන දින මැතිවරණයක් පැවැත්විය යුතු බවට වන පනත් කෙටුම්පතක් පිළිබඳ විවාදයක් මේ වන විට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී ආරම්භව ඇති බවද වාර්තා වේ.


2 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now