SKIP TO MAIN CONTENT

මහනුවර මුස්ලිම්වරුනට වාසි වන ලෙසින් සීමා නිර්ණය කරලා: ඇතැම් ප්‍රදේශවලින් කිසිදින සිංහල මන්ත්‍රීවරයෙකු බිහි නොවේවි (වීඩියෝ)

MP Dilum Amunugama_ Sri Lanka
MP Dilum Amunugama_ Sri Lanka

3 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

ජාතිවාදය මතුවූ දිස්ත්‍රිකයක, පළාත් සභා සීමා නිර්ණය තුළින්  නීතියානුකූලව ජාතිවාදය ව්‍යාප්ත කිරීමට ආණ්ඩුව කටයුතු කරන බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කරයි. පළාත් සභා සදහා සීමා නිර්ණ ක්‍රියාවලියේදී ඡන්ද 70 000කින් යුතු  පූජාපිටිය ආසනය අහෝසි වන ලෙස එහි කොටස් වෙනත් කොට්ඨාශ වෙත යොමු කර ඇතැයි නුගවෙල දී පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව කීවේය. මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් පලකොට සිටි අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේය,

"...යොමු කළ සීමා නීර්ණ පනත යටතේ හාරිස්පත්තුව ආසනයේ පූජාපිටිය ප්‍රාදේශීය සභාව දෙකට කඩා වෙන් කර එහි කොටසක් අකුරණට ද අනෙක් කොටස තුම්පනේ ට ද වෙන් කර ලබාදී තිබෙනවා. අකුරණ ජනතාව වෙනුවෙන් වෙනම කොට්ඨාශයක් නිර්මාණය වුණාට කිසිදු ගැටලුවක් නැහැ. නමුත් ඓතිහාසික උරුමයක් ඇති පූජාපිටිය ආසනය බෙදා වෙන් කිරීම සාධාරණ නැහැ. මේ නිසා එහි සිටින සිංහළ, දෙමළ, මුස්ලිම් ජනතාවට දැඩි අසාධාරණයක් සිදුවෙනවා.

ජාතිවාදය මතුකරන බවට අපට චෝදනා කරන ආණ්ඩුව පැහැදිලි ලෙසම ජාතිවාදය ව්‍යාප්ත කරන බව දැකිය හැකියි. මෙම ක්‍රමය මගින් කිසිදු දිනක අකුරණ නියෝජනය කරමින් සිංහල මන්ත්‍රීවරයෙකු බිහි කළ නොහැකියි. බහුතරයක් සිටින ආසනයක ඔවුන්ගේ මන්ත්‍රීවරයෙකු බිහිවීම කිසිදු වරදක් නැහැ. නමුත් සිංහල ජනතාව වැඩි වශයෙන් ජීවත්වන ආසන වෙනත් ආසන වෙත ලබාදී ඔවුන්ගේ මන්ත්‍රීවරු පත්කිරීමට සීමා නිර්ණය තුළින් ආණ්ඩුව පැහැදිලිවම කටයුතු කරන බව දැකිය හැකියි....."

 තවදුරටත් මේ පිළිබඳව අදහස් පලකොටසිටි අමාත්‍යවරයා මෙසේද පැවසිය

"..මේ සදහා හාරිස්පත්තුව ආසනයේ ආසනයේ අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් මහතා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා කැපවී කටයුතු කරන බව පැහැදිලිව පෙනෙන්න තිබෙනවා. සිංහල බහුතර ජනතාවගේ මෙන්ම මුස්ලිම් ජනතාවගේ ද විරෝධයක් මේ සදහා මතුවී තිබෙනවා. ඒ නිසා පූජාපිටිය ආසනය බෙදා වෙන් කිරීම අත්හිටුවීමට ආණ්ඩුව කටයුතු නොකළ හොත් ඉදිරියේදී විශාල ජන විරෝධයක් මතුවිය හැකියි.

මහනුවර ඇතිවූ නොසන්සුන්තාව පිළිබදව ඒකාබද්ධ විපක්ෂයේ පිරිස් සම්බන්ධ යැයි අමාත්‍ය රාජිත සේනාරාත්න මහතා චෝදනා කළා. එතුමා කරන චෝදනාවල ඇත්ත නැත්ත ජනතාව දන්නවා. පෙට්ට්‍රල් බෝම්බ 15ක් අත්අඩංගුවට ගත්විට එය සමථයට පත්කිරීම සදහා එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරු මැදිහත්වී පහළොව පහ දක්වා අඩු කොට සිවිල් නීතිය යටතේ පමණක් නඩු පවරා ගැනීමට කටයුතු කළ වග අද මහනුවර කවුරුත් දන්නවා.

කලබල සමයේ මම පොලීස් ස්ථානවලට ගිය බව ඇත්ත. කවුරුත් මුස්ලිම් ජනතාව වෙනුවෙන් ඉදිරිපත්වූ නමුත් සිංහළ ජනතාව වෙනුවෙන් කථා කරන්න කවුරුත් ඉදිරිපත් වුණේ නැහැ. මළ ගෙදර ගිය තරුණයන් පිරිසක් පොලිස් අත්අඩංගුවට පත්වූ අවස්ථාවේ සිට මම පොලීසිවලට ගියේ ඔවුන් නිදහස් කරන්න කියා ඉල්ලමින් නොවෙයි. නමුත් ඔවුන්ට සලකන විදිය බැලිය යුතුයි. මොකද පොලීසියේ වැඩිම පීඩාව එල්ලවුණේ සිංහල තරුණයන්ට. පොලිසිය නිසි පරිදි කටයුතු කළා නම් මෙවන් මහා විපතක් සිදු වන්නේ නැහැ ...." යැයිද පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.‍

මහජන නියෝජිතයන් වන ගුණතිලක රාජපක්ෂ, ආනන්ද ජයවිලාල්, අනුර ප්‍රනාන්දු යන මහත්වරුන්ද මෙහිදී අදහස් දැක්වූහ.

SBS සිංහල වැඩසටහනේ වාර්තාකරු නදීක දයා බණ්ඩාර - මහනුවර සිට සැපයූ තොරතුරු ඇසුරිණි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now