ඕස්ට්‍රේලියාවේ රැකියා ස්ථාන වලදී ආගම් මතවාද පල කිරීම තහනම් වන ලකුණු ..(SBS සිංහල /වාර්තා)

sc

Source: AAP

ඕස්ට්‍රේලියානු නීතිපති Christian Porter විසින් ආගම මතවාද ඇති පුද්ගලයන් වෙනස්කම් වලට භාජනය නොවීමට නීති සම්පාදනය කරමින් සිටී.
මෙම නව නීති මගින් සමාගම් සේවකයෙකු තම සේවා ස්ථානයෙන් පිටත ආගමික මත පල කිරීම තහනම් කිරීමට ඉඩ තිබේ.

ප්‍රකට රග්බි ක්‍රීඩක Israel Folau විසින් ඔහුගේ සමාජ මාධ්‍ය ඔස්සේ සමලිංගික පුද්ගලයන් පිළිබද සිදු කරන ලද ප්‍රක්කාශයක් නිසා Rugby Australia ආයතනයට මුල්‍ය පාඩු විදීමට සිදු වුනා. මෙම නීති මගින් ආගම් මතවාද ඇති පුද්ගලයන් ආරක්ෂා කෙරෙන අතරම ඔවුන්ට වෙනත් පුගලයන් හට වෙනස්කම් කිරීමට ද ඉඩ නොලැබෙනු ඇති
මෙය ජාතිය, වයස හා ආබාධ ආදී කරුණු අනුව ඇති discrimination නීති වලට සමාන වේ.

මේ අනුව සමාගම් විසින් සිය සේවකයන්ට ආගම් මත ප්‍රකාශ කිරීම තහනම් කරයි නම් එමගින් මුල්‍යමය වශයෙන් ඔවුන්ට අවධානමක් ඇති බවට පෙන්විය යුතු වේ. මෙම නීතිය අනුව Israel Folau හට rugby Australia වෙතින් ඉවත් වීමට සිදු වීම වැළක්විය හැකි වේ දැයි නැගු ප්‍රශ්නයට නීතිපතිවරයා පවසා ඇත්තේ , එසේ ක්‍රීඩකයෙකුට ඔහුගේ මත ප්‍රකාශ කිරීම මගින් ආයතනයට මුල්‍ය පාඩුවක් වේ නම් පමණක් එසේ විය හැකි බවයි

මෙමගින් සමාගම් අයුතු ප්‍රයෝජන ගනීවිද ?

නමුත් සිඩ්නි නුවර Anglican බිෂොප්වර Michael Stead පවසන්නේ මෙමගින් ආයතන ආගමික භක්තියෙන් යුත් සේවකයින් හට වෙනස්කම් සිදු කල හැකි බවයි. මෙය ධනවත් ව්‍යාපාර විසින් ආගමික විශ්වාස ඇති අය නිහඩ කිරීමට යොදා ගත හැකි බවත් ඔහු පවසයි. 

නමුත් මෙල්බන් විශ්ව විද්‍යාලයේ Australian Discrimination Law Experts Group හි Liam Elphick පවසන්නේ එසේ සමාගම් වලට ව්‍යාජ මුලය පාඩු පෙන්විය නොහැකි බවයි. වසරකට මිලියන 50කට වඩා උපයන සමාගම් වලට මෙම මුල්‍ය පාඩු පිලිබදව සාක්ෂි ඉදිරිපත් කල යුතු වේ.

මේ අතර වෙනත් ආගමික නායකයන් පවසා ඇත්තේ මේ නීතිය ඉදිරිපත් කිරීමට පෙර තොරතුරු ලබා නොදීම ගැටළුවක් බවයි.

senior rabbi තනතුර උසුලන Great Synagogue Benjamin Elton පවසන්නේ සමාජය තුල මිනිසුන් ඔවුන්ගේ ආගමික විශ්වාස මත වෙනස්කම් වලට ලක් වීම සිදු නොවීම දැකීමට අවශ්‍ය බවයි. මේ අතර සමලිංගික හා කාන්තාවන් නියෝජනය කරන පිරිස් පවසන්නේ මෙම පනත තුලින් එක පාර්ශ්වයකට පමණක් වැඩි බලයක් හිමි විය හැකි බවයි .

මෙම නව පනත අනුව නම් තනතුරක් ඕස්ට්‍රේලියානු මානව හිමිකම් කොමිසමට ලැබෙනු ඇති. මෙම නීතිය මේ වසර අගදී සම්මත වීමට ඉඩ ඇතත් එමගින් පාසල් වල සමලිංගික ළමුන් හා ගුරුවරුන් පිලිබදව ක්‍රියාමාර්ග ගැනීම පිළිබද අවධානය යොමු නොවේ.
sbs
Source: SBS



Share

Published

By Charitha Adikari

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service