SKIP TO MAIN CONTENT

අස්ගිරි පාර්ශවය අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාට විශ්වාසභංගයක් ගෙන ඒමට විරුද්ධයි - අස්ගිරි ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ කියති. (වීඩියෝ)

Madagama Dammananda Thero -
Asgiri Chapter Source: SBS Sinhala

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Presented by Nadeeka Daya Bandara - Kandy - Sri Lanka


Skip to article content

අධිකරණ හා බෞද්ධ කටයුතු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාට විශ්වාසභංගයක් ගෙන ඒම මේ අවස්ථාවේ කිසිසේත්ම සුදුසු නොවන බවත් එය අස්ගිරි මහා විහාර පාර්ශවය අනුමත නොකරන බව එම පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පැවසූහ.

මානව හිමිකම් සම්බන්ධයෙන් අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා රට වෙනුවෙන් කළ ක්‍රියාවක් හා හම්බන්තොට වරයා බදුදීම සම්බන්ධයෙන් ඔහු කළ ප්‍රකාශ සම්බන්ධයෙන් අමාත්‍යවරයා දැඩි ලෙස ඇතමුන්ගේ විවේචනයට බදුන් වූ බව  කී උන්වහන්සේ අමාත්‍යවරයාට එරෙහි පිරිසක් විසින් දෝෂාභියෝගයක් ගෙන ඒමට කටයුතු කරමින් සිටින බවට තොරතුරු වාර්තාවී ඇතැයි කීවේය.

 

හම්බන්තොට වරාය චීනයට බදුදීම පිළිබදව අමාත්‍යවරයා කළ ප්‍රකාශයකට උරණ වූ පිරිසක් එතුමාට එරෙහිව විශ්වාෂභංගයක් ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටින බව කී අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී හිමියන් මෙසේ කීහ.

"නීතිපති දෙපාර්තමේන්තුව ද සම්බන්ධකර ගනිමින් ඇතමුන් විචේචනය කිරීමට විවිධ පුද්ගලයන් උත්සහ කරනවා. නමුත් අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍යවරයා කටයුතු කළේ රට වෙනුවෙන් යැයි අපට පැහැදිලිව දැකිය හැකියි. ඔහුට එරෙහිව කටයුතු කිරීමට උත්සහ කිරීම කිසිසේත්ම නොවිය යුත්තක්. එය අප අනුමත නොකරන බවත් එවැනි දෙයක් මේ අවස්ථාවේදී සිදු නොවිය යුතු යැයි උන්වහන්සේ වැඩිදුරටත් සදහන් කළේය."


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now