ඕස්ට්‍රේලියාවේ ජනගහනය මිලියන 25 යි ..එය රටට දරා ගත හැකි වේ ද? (SBS සිංහල / වාර්තා)

population

Source: SBS

අද දින එනම් අගෝස්තු 7 වැනිදාට ඕස්ට්‍රේලියානු ජනගහනය මිලියන 25ක් වනු ඇති බවට ගණන් බලා තිබේ. නමුත් ලෝක ජනගහනය අතින් ඔස්ට්‍රේලියාවට හිමි වන්නේ 53 වන ස්ථානය , අපි සිටින්නේ උතුරු කොරියාවට පසුව.

ඕස්ට්‍රේලියාවේ ඉක්මන් ජනගහන වර්ධනයක් ඇති බවටයි පැවසෙන්නේ.

ඕස්ට්‍රේලියානු ජනගහන වර්ධනයට හේතු

වසර 2017 දී ඕස්ට්‍රේලියාවේ 1.6% කින් ජනගහනය වැඩි වී තිබේ. එනම් ,

සෑම මිනිත්තු 1ක් හා තත්පර 42 කටම වරක් උපතක් හා සෑම මිනිත්තු 3 ක් හා තත්පර 16 කටම පුද්ගල මියයාමක් සිදුවේ

එසේම ඕස්ට්‍රේලියාවේ සිට විදේශයන් වෙත පදිංචියට සෑම මිනිත්තු 1යි තත්පර 51 ක ට සිදුවේ

එසේම ඕස්ට්‍රේලියාවේ වැඩිහිටි ජනගහනයද වැඩි වී තිබේ . දැන් මාධ්‍යන වයස ලෙස අවුරුදු 37.3ක් සදහන්. එසේම කාන්තාවකට දරුවන් 1.8ක් ලෙස උපත් අනුපාතය ද පහල ගොස් තිබේ.

ඕස්ට්‍රේලියාවේ පිරිමි 98 දෙනෙකුට කාන්තාවන් 100ක් සිටී. නමුත් මෙම තත්වය වසර 1901 දී පැවතුනේ පිරිමි 110 කට කාන්තාවන් 100 ක් ලෙසින්.

ජීවත් වන ප්‍රදේශ

ඔස්ට්‍රේලියානුවන්ගෙන් 67% කම නගර වලයි ජීවත් වන්නේ 

එයිනුත් වැඩි ප්‍රමාණයක් NSW ප්‍රාන්තයේ. සිඩ්නි නුවර 65%ක් ද , වික්ටෝරියා හි 77%ක් මෙල්බන් වල ද, දකුණු ඕස්ට්‍රේලියාවේ 77%ක් ඇඩිලේඩ් වල ද ජීවත් වේ.

එසේම ටස්මෙනියාව හා ක්වීන්ස්ලන්තයේද ප්‍රධාන නගර වල 40% ට වැඩි පිරිසක් ජීවත් වේ.

ජනගහන වර්ධනය වැඩි පුරාම පෙන්නුම් කරන්නේ වික්ටෝරියා , ACT හා ක්වීන්ස්ලන්තයෙයි

වෙනත් රටවල් සමග තත්වය

වසර 2017 UN වාර්තාවකට අනුව පැවසෙන්නේ ලෝක ජනගහන වර්ධනය 1.1% එනම් ඔස්ට්‍රේලියාවට වඩා අඩු වූ බව

එසේම කැනඩාව, ඇමෙරිකාව හා එක්සත් රාජධානියද ඔස්ට්‍රේලියාවට වඩා අඩු ජනගහන වර්ධන වේගයක් සහිතයි.

ඉතා වැඩි ජනගහන වර්ධන වේගයක් ඇත්තේ ඕමානයේ එය 4.7%ක් . බොහෝ විට සංවර්ධනය වෙමින් පවතින රටවල එම තත්වය දැකිය හැකියි

එක්සත් ජාතීන් පවසන්නේ වසර 2050 වන විට රටවල 9 ක පමණක් ජනගහන වර්ධනය පෙන්නුම් කල හැකි බවයි.

සංක්‍රමණයේ බලපෑම්

දල සංක්‍රමණිකයන් නිසා ඕස්ට්‍රේලියාවේ ජනගහන වර්නධනයෙන් 62%ක් වැඩි වූ බව වාර්තා වේ.

pop
Source: SBS

බොහෝ විට සංක්‍රමණය ආදී රාජ්‍ය ප්‍රතිපත්ති මෙම ජනගහන වර්ධනයට හේතු වේ. 1970 දී පැවතුනේ දැන් මෙන් ජනගහනයෙන් අඩක්. පසුගිය වසර 3 තුල එය වසරකට 400,000 ගනනේ වැඩි වී තිබේ. 2020 වන විට එය මිලියන 26ක් දක්වා වැඩි වනු ඇති බවද සදහන්.

නමුත් මෙම වැඩි වන ජනගහනයට සරිලන ලෙස රටේ යටි තල පහසුකම් වර්ධනය වේ ද යන්නද ගැටලුවකි.


Share

2 min read

Published

Updated

By Charitha Adikari

Source: SBS News


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now