ඕස්ට්‍රේලියානු බදු කාර්යාංශය විසින් අසාධාරණ ලෙස කුඩා ව්‍යාපාර ඉලක්ක කර ගෙන ඇති බවට චෝදනා

Cash

Source: AAP

ඔස්ට්‍රෙලියානු බදු පිළිබද විමර්ශන ජෙනරාල් Karen Payne විසින් අසාධාරණ ලෙස කුඩා ව්‍යාපාර ඉලක්ක කර ගැනීම  සම්බන්ධව ඕස්ට්‍රේලියානු බදු කාර්යංශයට චෝදනා කොට තිබේ. බදු කාර්යාංශය විසින් මීට වඩා විනිවිද භාවයෙන් යුතුව කටයුතු කල යුතු බවයි ඇය පවසන්නේ.

බදු පිළිබද විමර්ශන ජෙනරාල් සහ බදු ඕම්බුඩ්ස්මන්වරයා ස්වාදීන ලෙස බදු කාර්යාංශය  පිලිබදව යොමු වන පැමිණිලි විමර්ෂණය කරයි. ඔවුන් පවසන්නේ කාර්යාංශයේ   කාර්යක්ෂමතාව හා යහ පාලනය සදහා එවන් ගැටළු නිරාකරණය කර ගැනීම අවශ්‍ය බවයි 

මෙම විමර්ශන  සිදුව ඇත්තේ කුඩා පරිමාන ව්‍යාපාර විසින් සිදු කරන පැමිණිලි හරි ආකාරයෙන් විමර්ශනය කරනවාද යන කරුණත් එසේ අසාධාරණයට ලක්ව ඇති ව්‍යාපාර වල මුදල් පියවීමේ කටයුතු සදහායි 

Payne මහත්මිය පවසන්නේ සමහර අවස්තාවලදී අනවශ්‍ය ලෙස කුඩා ව්‍යාපාර පිලිබදව බදු කාර්යාංශය විමර්ශනය කිරීම නිසා එම ව්‍යාපාර වල හොඳ නමට කැළලක් ද  , මුළු ව්‍යාපාරයම වසා දැමීමට   සිදුව ඇති බවයි.

රහස් හෙළි කරන්නන් ගේ ආරක්ෂාව

එසේම ,Payne මහත්මිය තවදුරටත් ප්‍රකාශ කොට ඇත්තේ බදු කාර්යාංශය පිළිබද රහස් හෙළි කරන්නන් ගේ ආරක්ෂාව පිලිබදවත් සැලකිය යුතු බවයි. මීට පෙර එසේ රහස් හෙළි කර හිටපු බදු කාර්යාංශ සේවක  Richard Boyle හට වසර 161 සිර දඩුවමක හිමි වීමේ අවධානමක් ඇතිව තිබේ. එම රහස් හෙළි කරන පුද්ගලයින්ගේ ආරක්ෂාව සදහා ඇති නීති ද වෙනස් කල යුතු බවට ඇය පවසයි.

දැනට බදු කාර්යංශයට හිඟ මුදල් ඩොලර් බිලියන 45ක් ඇති අතර ඉන් බිලියන 26.5 ක් නැවත පියවා ගත යුතු වේ. ඒ පිලිබදවත් පුද්ගලයන්ගේ බදු සම්බන්ධව කාර්යාංශය ක්‍රියා කරන ආකාරය සංශෝධනයටත් මෙම විමර්ශනය මගින් කටයුතු සිදු වනු ඇති.

Payne මහත්මිය පවසන්නේ වත්මන් බදු කොමසාරිස් Chris Jordan සමග මීට පෙර පවතී ගැටළු නිරාකරණය කොට සහයෝගීව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි.

Source: ABC

c
Source: SBS


2 min read

Published

Updated

By Charitha Adikari


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now