නිව් සවුත් වේල්ස් හි ප්‍රමිතියෙන් තොර නිවාස සහ ගොඩනැගිලි ඉදිකලොත් ඉදිරියේදී ප්‍රභෝගිකයිනට දඩ ගෙවන්න සිදුවේවි (SBS සිංහල / වාර්තා)

house

Source: AAP

NSW රජය විසින් ප්‍රමිතියෙන් තොර ගොඩනැගිලි ඉදි කරන ඉදිකිරීම් ආයතන සදහා විරුද්ධව පාරිභෝගිකයන්ට කටයුතු කිරීමට හැකි වන ලෙස නව නීති ඉදිරිපත් කොට තිබේ.

 

  • මේ නව නීති අනුව ඉදිකිරීම් ආයතන විසින් තම ගොඩනැගිලි සැලැස්ම ලියාපදිංචි කර යුතු අතර නිවෙස් හිමියන්ට වග කිව යුතුද වේ.
  • ප්‍රමිතියෙන් තොර නිවාස සදහා ඉදිකිරීම් ආයතන වලින් ඩොලර් 100,000ක පමණ දඩයක් අය කෙරේ

 

මෙම යෝජනා ඉදිරිපත් වී ඇත්තේ Sydney Opal Tower හා Mascot Tower  ගොඩනැගිලි වල ඇතිවූ පැලීම් නිසා නිවැසියන්ට ඒවායින් ඉවත් වීමට සිදු වීමේ හේතුව නිසා බවද සඳහන් 

මේ නව නීති අනුව ගොඩනැගිලි සැලසුම් කරන්නන්, තම සැලැස්ම හා ජල කාන්දු නොවීම ආදිය ප්‍රමිතියෙන් ඇති බවට ලියාපදිංචි කල යුතු වේ. එසේම duty of care යනුවෙන් හැඳින්වෙන වගකීම නිසා නිවෙස් හිමියන්ට යම් සිදුවීමකදී ගොඩනැගිලි සාදන ආයතන වලට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගැනීමටද හැකි වේ .

 

ඉදිකිරීම් සම්බන්ද කොමසාරිස් David Chandler පවසන්නේ මෙම කර්මාන්තයේ ප්‍රමිතිය නැංවීමට මෙය ගන්නා එක්‌ පියවරක් පමණක් බවයි. ඒ අනුව සැම ඉදිකිරීමක් සදහාම එය ප්‍රමිතියකින් ඇති බවට සහතිකයක් ගැනීම මෙහි අරමුණ බව ඔහු පවසා තිබේ. මෙය ඉතාම වැදගත් කරුණක් බවට සියලු ගෘහ නිර්මාණ ශිල්පීන් පවසා ඇත

ඕස්ට්‍රේලියානු නිවෙස් ඉදිකිරීම් සදහා වන විශ්වාසය නැවත දිනා ගැනීම

ඉදිකිරීම් හා සම්බන්දව වඩා හොඳ නියාමන කාර්යාවලියක් ස්ථාපිත කිරීම සඳහා වන අමාත්‍ය Kevin Anderson පවසා ඇත්තේ මෙමගින් පාරිභිගිකයන් ට ඉදිකිරීම් කෙරේ නැවතත් විශ්වාසයක් ඇති වනු ඇති බවයි. මෙමගින් වංචා කරන්නන් අඩු වනු ඇති බවද ඔහු පවසයි . ඉදිකිරීම් ක්ෂේස්ත්‍රය කලක් සිට මෙම යාන්ත්‍රනය ඉල්ලා සිටි බවද වාර්තා වේ. වංචා සිදු කරන ආයතන වලට මෙහිදී ඩොලර් 100,000ට වැඩි දඩ නියම වනු ඇත

මෙමගින් සිඩ්නි නුවර නිවාස සිහිනය සැබෑ කරගැනීමට වෙහෙසෙන පුද්ගලයන්ට සහනයක් ලැබෙනු ඇති බවට අපේක්ෂිතයි. නමුත් දැනට පවතින ගොඩනැගිලි වලට මෙම නීති බල නොපායි

Source; ABC

s
Source: SBS

2 min read

Published

Updated

By Charitha Adikari



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now