SKIP TO MAIN CONTENT

වැස්සත් අරං හැරී සහ මේගන් මෙල්බර්න් වලට පා තබති.

Prince Harry and wife Meghan have arrived in Melbourne
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මේගන් කුමරිය අද (18/10) පෙරවරුවේ මෙල්බර්න් නුවරට පැමිණියහ.

පසුගිය අඟහරුවාදා (16/10) සිය ඔස්ට්‍රේලියානු සංචාරය ඇරඹු මෙම නව රාජකීය යුවළ ප්‍රථම දිනයේදී සිඩ්නි නුවරත් ඊයේ (17/10)  දිනයේදී Dubbo නගරයේත් සංචාරයේ නිරත විය.

ඉන් අනතුරුව අද දිනයේ ඔවුන් මෙල්බර්න් වෙත පැමිණි අතර එහිදී  ට්‍රෑම් රථයකින් මෙල්බර්න් නගරය වටා යාමටද අපේක්ෂා කරයි.

මේ අතර මෙල්බර්න් නගරාධිපතිනී Linda Dessau විසින් සංවිධානය කරන මෙල්බර්න් තරුණ නායකයින්ගේ හමුවකටද හැරී - මෙගන් යුවළ සහභාගී වීමට නියමිත් බවද වාර්තා වේ.

Dubbo නගරයට පසුගිය සමයේදී වර්ෂාව නොමැති නියං සමයක් පැවති බවත් හැරී - මෙගන් යුවළ ඊයේ දිනයේදී Dubbo නගරයේ සංචාරය කරන විට වැසි හටගැනීම සුවිශේෂී සිදුවීමක් බවත් මාධ්‍ය වාර්තා කරන්නට විය.

Prince Harry and Meghan brought the rain to drought-stricken Dubbo in NSW.
Prince Harry and Meghan brought the rain to drought-stricken Dubbo in NSW. Source: AAP

මේ අතර මෙල්බර්න් නුවරටද අද (18/10) දිනය පුරාම මද වැසි ඇතිවන බව කාලගුණ කාර්යාංශය නිවේදනය කරයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now