SKIP TO MAIN CONTENT

මහනුවර මහ නගර සභාවට ඥාතී හිතවතුන් පත් කරන්න යනවා - ශ්‍රී ලංකා සහ සන්ධාන මන්ත්‍රීවරුන්ගෙන් පැමිණිලි.

Politics of Sri Lanka
Source: SBS Sinhala

2 min read

Published

By Nadeeka Daya Bandara - Sri Lanka


Skip to article content

ඥාතී හිතවත්කම් මත මහජන නියෝජිතයන් පත් කිරීම වළක්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානය සදහා ශක්තිමත් පදනමක් සහිත බිම් මට්ටමේ ක්‍රියාකාරී අපේක්ෂකයන් පත් කළ යුතු බව එම පක්ෂයේ මහනුවර මහ නගර සභාව සදහා තරග කළ අපේක්ෂක අනුර කුමාර ගෝනවල මහතා ප්‍රකාශ කළේය.

පළාත් පාලන මැතිවරණය පවත්වා මාසයකට වැඩි කාලයක් ඉක්මවා ගොස් ඇතත් මහනුවර මහ නගර සභාව සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභිකයන් මේ වන තුරු නම් කර නොමැති බවත් පත් කිරීම් සදහා සිය හිතවතුන් හා ඥාතීන් නම් කිරීමට සංවිධායකවරුන් කටයුතු කරමින් සිටින බවත් මහනුවර දී පසුගියදා  පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා කිවේය.

මහනුවර මහ නගර සභාව සදහා තරග කළ එක්සත් ජානතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයන් 41 දෙනා මැතිවරණයෙන් අනතුරුව මේ දක්වා එක් තැනකට ගෙන්වා සාකච්ඡා නොකළ බවත් මැතිවරණය හා ඉදිරි දේශපාලන කටයුතු පිළිබදව මේ දක්වා කිසිදු සමාලෝචනයක් සිදු නොකළ බවත්  කී ඒ මහතා මෙසේ ද ප්‍රකාශ කළේය.

"එක්සත් ජනාත නිදහස් සන්ධාන අපේක්ෂ ලැයිස්තුවෙන් මහනුවර මහ නගර සභාව වෙත පත් කිරීමට හැකියාව ඇත්තේ ආසන තුනක් පමණයි. ඒ නිසා එම පත්කිරීම් බිම් මට්ටමේ ක්‍රියාකාරීත්වයෙන් යුතු වඩා ප්‍රබල න්‍යෂ්ටියකින් සමන්විත පත්වීම් විය යුතුයි. පත්කළ යුතු මහජන නියෝජිතයන්ගේ නිර්ණායක ජනාධිපතිවරයා විසින් සංවිධායකවරු වෙත ලිඛිතව දන්වා තිබෙනවා. එහි ප්‍රධාන තීරණයක් බවට සියලු පත්කිරීම් ඥාති සබදතා හෝ හිතවත්කම් මත ලබා නොදිය යුතු බව සදහන් වුවත් මහනුවර පත්කිරීම් සියල්ල ඒ මත පමණක් පදනම් වී ඇතැයි අපට දැනගන්න ලැබුණා. ඒ පිළිබදව අප සොයා බැලීමක් කොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා සහ එක්සත්ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා වෙත ලිඛිතව දැනුම් දුන්නා."

ඒ පිළිබද පරීක්ෂණයක් පැවැත්වූ බව දැනගන්න ලැබුණු නමුත් එහි ප්‍රතිඵලයක් දැන ගැනීමට නොමැති බවත් පත්කිරීම් සියල්ල හිතවතුන්ට හා ඥාතීන්ට ලැබීමට හැකියාව තිබෙන බවත් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අනුර කුමාර ගෝනවල මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

එම පක්ෂයේ මහනුවර මහ නගර සභා අපේක්ෂකයන් වූ යසීන් ඉමිතියාස් මහතා සහ පාලිත මැදගෙදර මහතා ද මෙම අසාධාරණය පිළිබදව අදහස් පළ කළහ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now