දැනට ඕස්ට්‍රේලියාව තුල ක්‍රියාත්මක වන බලශක්ති මිල ගණන් දීර්ඝ කාලීනව පවත්වාගෙන යා නොහැකි බවත් අදාල මිල ක්‍රමවේදය සම්බන්දයෙන් හැකි ඉක්මනින් ක්‍රියාමාර්ගයක් ගත යුතු බවත් ACCC හෙවත් ඕස්ට්‍රේලියානු තරගකාරී සහ පාරිභෝගික කොමිසම පවසනවා.
මෙහිදී දිනෙන් දින වැඩි වන විදුලි බල මිල පාලනය සදහා එම කොමිසම මගින් සකස් කල විශේෂ වාර්තාවක් මගින් නිර්දේශ 56ක් ඉදිරිපත් කර ඇති බව සදහන්.
දැනට බලශක්ති වෙළදපොල තුල සිදුවන අයුතු තරගකාරී කටයුතු පාලනය කිරීමට බලශක්ති වෙළදපොල නියාමනය කරන අදාල ආයතනයට බලය හිමිවන අතර සංකීර්ණ මිල ක්‍රමවේදයකින් තොරව, රජයේ යම් මිළ පාලනයක් යටතේ පරභෝගිකයින්ට වෙළදපොල ඇති තමන්ට වාසිදායක බලශක්ති සමාගමෙන් අදාල සේවාව ලබාගැනීමට මෙහිදී අවස්ථාව උදාවන බව සදහන්.
මෙහිදී සංකීර්ණ දීමනා මත පදනම්වූ මිළ ක්‍රමවේදයකින් තොරව අදාල සේවාවන් ලබාගැනීමට අවස්ථාව උදාවන බව අගමැති මැල්කම් ටර්න්බුල් පවසනවා.
තවද බලශක්ති වෙළදපොල තුල තරගකාරිත්වය තවත් වැඩි කල යුතු බවත්, දැනට වෙලපොල තුල සියයට 20කට වඩා හිමි කම් කියන සමාගම් වලට, අනෙකුත් සමාගම් පවරා ගැනීම මගින් ඒකාධිකාරයක් ඇති වීම වලක්වන නීති හදුන්වා දිය යුතු බවත් ඕස්ට්‍රේලියානු තරගකාරී සහ පාරිභෝගික කොමිසම පවසනවා.
ඕස්ට්‍රේලියානු තරගකාරී සහ පාරිභෝගික කොමිසම මගින් ඉදිරිපත් කර ඇති නිර්දේශ ප්‍රාන්ත සහ ටෙරටරි වල අදාල ආයතන සමග සාකච්චා කර අවසන් තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව රජය සදහන් කරයි.
පලදායි ක්‍රමවේදයක් මගින්, එක් නිවසකට වාර්ෂිකව තම විදුලි බිල්පත් වලින් ඩොලර් 400කට ආසන්න මුදලක් ඉතිරි කරගත හැකි බව මෙම නව වාර්තාව පෙන්වා දී තිබෙනවා. තවද කුඩා සහ මාධ්‍ය පරිමාණ ව්‍යාපාර වල තම බිල් පත් වලින් සියයට 24ක් වැනි ප්‍රතිශතයක් ඉතිරි කරගත හැකි වනු ඇති බව එම වාර්තාව වැඩි දුරටත් පෙන්වා දෙනවා.
අධික බලශක්ති මිලට ප්‍රධාන හේතුව වන්නේ දුර්වල ප්‍රතිපත්ති බව ඕස්ට්‍රේලියානු තරගකාරී සහ පාරිභෝගික කොමිසමේ ප්‍රධානී Rod Sims පවසනවා.
තවද බලශක්ති සැපයුම් කරුවන්ට අවශ්‍ය වූ විට විදුලි බලය සැපයිය හැකි විදුලි බල ජනනය කරන මධ්‍යස්ථාන ඉදිකිරිම සදහා රජයේ අවධානය යොමු විය යුතු බව බව Rod Sims මහතා වැඩි දුරටත් පෙන්වා දෙනවා.
කෙසේ වෙතත් මේ පිලිබදව අදහස් දක්වන බලශක්ති අමාත්‍ය Josh Frydenberg පවසන්නේ අදාල යෝජනාව පිලිබදව රජය තව දුරටත් අධ්‍යනය කිරීමට බලාපොරොත්තු වන බවයි.
2013 වසරේ මැතිවරණය ජයගැනීමෙන් පසුව වත්මන සභාග රජය කම්කරු පක්ෂයේ බලශක්ති ප්‍රතිපත්තිය ක්‍රියා විරහිත කිරීම නිසා මෙසේ බලශක්ති මිල අර්බුධයක් ඇති වී තිබෙන බව කම්කරු පක්ෂයේ බලශක්ති කටයුතු පිළිබද ප්‍රකාශක Mark Butler පවසනවා. සභාග රජය මගින් සිදු කල එම වරද නිවරදි කිරීමට මෙම ACCC නිර්දේශ මගින් අවස්ථාව ලබාදී තිබෙන බව ඔහු වැඩි දුරටත් පෙන්වා දෙනවා.
තවද මෙම වාර්තාව පදනම් කරගෙන ගල් අගුරු ආශ්‍රිත විදුලි ජනනය කිරීමේ ක්‍රම සදහා සහාය ලබානොදෙන ලෙසද කම්කරු පක්ෂයේ බලශක්ති කටයුතු පිළිබද ප්‍රකාශක Mark Butler පාර්ලිමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබේ.

