ඕස්ට්‍රේලියාවේ ඉතාම වැදගත් සංචාරක හා සංස්කෘතිකමය වැදගත් කමක් ඇති උලුරු පර්වතය මේ සෙනසුරාදා (26) සිට සංචාරකයන්ට තරණය කිරීමට තහනම් වනු ඇති. වසර සිය ගණනක් තිස්සේ සංචාරකයන් පැමිණි මෙම පර්වතය Uluru-Kata Tjuta National Park නම් වන උද්යානයට අයත්.
මෙම පර්වතය තරණය කිරීම නැවත්වීමට එම ප්‍රදේශයේ මුල් පදිංචිකරුවන් වන Anangu ප්‍රජාව බොහෝ කලක් සිට සටන් කළා. ඔවුන්ට උලුරු පුජනීය ස්ථානයක් වේ.
මෙම සංවේදී ස්ථානය තරණය නැවත්වීම අත්‍යාවශ්‍ය බව Uluru-Kata Tjuta National Park මණ්ඩලයේ හිටපු සභාපති Donald Fraser පවසනවා.
වසර 2017 දී මෙම තහනම පිලිබදව මුලින්ම ප්‍රකාශ වීමෙන් පසුව සංචාරකයන් එයට ඇදී යාම වැඩි විය. මේ 26 වැනිදා Anangu ජනයාට නැවත ඔවුන්ගේ මුල් ජනාවාස ලබා දීම හෙවත් hand back සිදුවී වසර 34ක් සපිරෙනවා.
මෙම තහනම ආදීවාසී ජනයා ගේ ඉල්ලෙමකට ඉඩක් ලබා දෙන ඉතිහාසගත අවස්තාවක් බව Reconciliation Australia හි Tom Calma පවසනවා

එසේම සියලු ඔස්ට්‍රේලියානුවන්ද මෙය ආදිවාසී ජනයාගේ ජනාවාස වෙත දක්වන ගෞරවයක් ලෙස සැලකිය යුතු බව ඔහු පවසනවා.
විවිධ සංචාරකයන් නිසා ඇති වූ මතබේද
වසර 1975 දී The Man From Hong Kong යන චිත්‍රපටයේ සටන් දර්ශනයක් මෙහි රුගත කර තිබේ . බ්‍රිතාන්‍ය ඔටුන්න හිමි චාල්ස් කුමරු හා ඩයනා කුමරිය 1983 රාජකීය සංචාරයක් මෙහි සිදු කළා. එසේම වසර 2010 දී ප්‍රංශ කාන්තාවක් වන Alizee Sery අඩ නිරුවත් චායාරුප පර්වතය මත ගැනීම නිසා ඇයව රටින් පිට කිරීමටද ඉල්ලීම් යොමු වුනා. එම වසරේම AFL තරුවක් වන Sam Newman ද උලුරු සිට චායාරුපයකට පෙනී සිටීම නිසා විවේචනයට ලක් වුනා.

මේ අතර උලුරු සංචාරකයන් ගෙන් 20%ක් පමණක් එය තරනයට පැමිණෙන අතර අනෙක් අය ඒ ආශ්‍රිත සංස්කෘතිකමය දේ නැරබීමටත් පැමිණෙන බවද හෙළි වී තිබේ
Northern Territory හි සෙනට් සභික Malarndirri McCarthy පවසන්නේ මෙමගින් ආදීවාසීන් පිලිබදව යහපත් පණිවිඩයක් ලොවට ගෙන යන බවයි.
මේ අතර 35 දෙනෙකු පමණ මෙහිදී අනතුරට ලක්ව මිය ගොස් තිබෙනවා. මේ අතර සිඩ්නි භූ විද්යා පර්යේෂක Marc Hendrickx පවසනුයේ උලුරු ඔහුගේ සංස්කෘතියේ අංගයක් නිසා තව දුරටත් එය තරණය කිරීමට බලාපොරොත්තු වන බවයි. ඔහු පවසන්නේ මෙසේ උළුරු පර්වතය තරණය තහනම් කිරීම ප්‍රදේශයේ ජනතාවගේ නොසතුටට හේතු වී ඇති බවයි
විශේෂයෙන්ම මෙය තරනයට පැමිණෙන ජපාන සංචාරකයන් අඩු වීම නිසා ප්‍රදේශයේ සංචාරක කර්මාන්තයට ද බලපෑම් ඇති විය හැක. නමුත් tourism central දැන් පවසන්නේ උලුරු වෙනස් ආකාරයකින් අත්දැකීමට සංචාරයට පැමිණෙන ලෙසයි. බ්ය්සිකල් සවාරි වැනි වෙනත් බොහෝ එහිදී කිරීමට හැකියි



