SKIP TO MAIN CONTENT

ඉන්දියාවේද බුර්කාව තහනම් කිරීමට යෝජනා

نساء يرتدين البرقع امام البرلمان الهولندي
Women in niqab walk in front of the Danish Parliament in May. Source: AAP

1 min read

Published

By Gamidu Agampodi


Skip to article content

ඉන්දියාවේ Shiv Sena පක්ෂය විසින් පසුගිය බදාදා දිනයේදී බුර්කාව තහනම් කිරීමට යෝජනාවක් ඉදිරිපත් කළේය.

ශ්‍රී ලංකාව තුළ ජනතාවගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට බාධාවක් වන ලෙස මුහුණ ආවරණය කිරීම අප්‍රේල් 29 සිට හදිසි අවස්ථා නියෝග යටතේ තහනම් වුනි. මේ සමඟම මුහුණ ආවරණ තහනම් කල ප්‍රංශය, ඩෙන්මාර්කය සහ බෙල්ජියම වැනි යුරෝපීය රටවල් අතරට ශ්‍රී ලංකාව ද එකතු වේ.

Shiv Sena පක්ෂයේ ප්‍රකාශකයකු පවසා සිටියේ පුද්ගලයින් මුහුණු ආවරණය කරගෙන සිටීම ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවයි.

පාස්කු ප්‍රහාරයෙන් පසු බොහෝ ශ්‍රී ලාංකික මුස්ලිම් කාන්තාවන් හිජාබය, නිකාබය හා අභය ලෝගුව පැළඳීමෙන් වැළකී සිටියි.  එක් මුස්ලිම් වැන්දඹු කාන්තාවක් අදහස් දක්වමින් පවසා සිටියේ සමාජයෙන් ලැබෙන වක්‍රාකාර බලපෑම් හේතුවෙන් ඇය තවදුරටත් අභය ලෝගුව හා නිකාබය පැළඳීමෙන් වැළකුනු බවයි.

News source: The times of India


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now