SKIP TO MAIN CONTENT

අර්ජුන් මහේන්ද්‍රන් දීපු සිංගප්පුරූ ලිපිනය වැරදියිලු, අධිකරණ නොතිසිය ආයෙමත් ඇවිත්.

Arjun Mahendran not in Singapore address - Courier service says.
Source: Daily News

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකා රජයට සපයා ඇති සිංගප්පුරූ ලිපිනයේ නොමැති බව ජාත්‍යන්තර අධිවේගී තැපැල් සේවයක් ශ්‍රී ලංකාවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුව වෙත වාර්තා කොට ඇති බව පැවසේ.

 

ලබන මාර්තු මස 08 වැනිදාට පෙර ලංකාවට පැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දෙන ලෙස දෙවැනි වරටත් නියම කරමින් කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය   කළ නියෝගය අධිවේගී තැපෑල ඔස්සේ ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට බාරදීමට උත්සහ කළ අවස්ථාවේදී මහේන්ද්‍රන් මහතා සිංගප්පුරූ ලිපිනයේ නොමැති බව අනාවරණය වී ඇත.

 

රහස් පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස නියම කරමින් ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කළ නියෝගය අඩංගු නොතිසිය මහෙන්ද්‍රන් මහතා පදිංචිව සිටින යයි දැනුවත් කර ඇති සිංගප්පුරූ නිවසට අධිවේගී තැපෑල ඔස්සේ බාරදෙන ලෙස අධිකරණ විසින් කළ නියෝගය අනුව රහස් පොලිසිය කටයුතු කළත් මහෙන්ද්‍රන් මහතා අදාළ ලිපිනයේ නොමැති බවඅදාළ තැපැල් සේවය විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවට දැනුම් දී ඇතැයි වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now