SKIP TO MAIN CONTENT

ලෝක බෞද්ධ මහා සමුළුවේ උත්තරීතර උපදේශකයාණන් මහනුවරට වැඩම කළ අයුරු. (Video සහිතයි)

Kandy tour of Dr. Kyuse Enshinjoh.
Source: SBS Sinhalese - Nadeka Daya Bandara

1 min read

Published

Updated

By Madhura Seneviratne, Nadeeka Daya Bandara - Sri Lanka


Skip to article content

ශ්‍රී ලංකාවේ පැවැති සත්වන ලෝක බෞද්ධ මහා සමුළුව සදහා සහභාගීවූ එම සමුලුවේ උත්තරීතර උපදේශක අති පූජ්‍ය ආචාර්ය කියුස් එන්ෂින්ජෝ ( Dr. Kyuse Enshinjoh) හිමිපාණන් වහන්සේ ඊයේ (07/11) මහනුවර සංචාරයක නිරතවූහ.

මහනුවර ශ්‍රී දළදා මාලිගාවට වැඩම කළ උන්වහන්සේ  සිය සංචාරය සනිටුහන් කරමින් පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේදී මුරුත පැලයක් රෝපණය කිරීමට එක්විය.

ශ්‍රී ලංකාවේදී පැවැති මෙම සමුළුව නිමිත්තෙන් මෙම පැළය රෝපණය කළ අතර උන්වහන්සේ ඇතුලු දූත පිරිස පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ කෙටි සංචාරයක ද නිරතවිය.

නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා සහ මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා, නියෝජ්‍ය ඇමතිනී සුමේධා ජී. ජයසේන මහත්මිය, පේරාදෙණිය ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි නානායක්කාර මහතා  ඇතුලු පිරිසක් මේ අවස්ථාවට එක්විය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now