SKIP TO MAIN CONTENT

සන්ධානය ජාතික ආණ්ඩුවෙන් ඉවත්වෙනවා කිව්ව තිලංග තවමත් ජාතික ආණ්ඩුවේ සිටීම ගැන මාධ්‍යට දුන්න උත්තරේ මෙන්න.

Deputy Speaker Tilanga Sumathipala today confirmed that he had told the media the UPFA had decided to quit the government
Source: SBS

2 min read

Published

Updated

By Madhura Seneviratne


Skip to article content

එක්සත් ජාතික පක්ෂය සහ නිදහස් සන්ධානය අතර පවතින ජාතික ආණ්ඩුව පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ලැබෙන තෙක් ජාතික ආණ්ඩුව නොකඩවා පවත්වාගෙන යාමට ඊයේ (19/02) දහවල් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දුන් බව නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා පාර්ලිමේන්තුවේදී පැවසූ බව ලංකාදීප පුවත් පත වාර්තා කරයි.

කෙසේවෙතත්, පෙරේදා (18/02) රාත්‍රියේ දී තිලංග සුමතිපාල මහතා ප්‍රකාශ කර සිටියේ ජාතික ආණ්ඩුවෙන් ඉවත්වී නිදහස් සන්ධානය වෙන්වන බවකි.

නමුත් ඊයේ දිනයේදී සුමතිපාල මහතා නැවත මෙලෙස අදහස් දක්වා සිටියා.

"ඊයේ රාත්‍රී නිවේදනයක් ගැන මගෙන් ඇසුවා. ඒ ප්‍රකාශනය සත්‍යයක්. ජාතික රජයේ හවුල්කාර පක්ෂයක් වෙන එක්සත් ජනතා සන්ධානය ජාතික ආණ්ඩුවක් හැදුවා. ඉන් ඉවත් වෙන්න අපි ජනාධිපතිවරයාගේ අවසර ඉල්ලුවා. ජනපති අපේ පක්ෂයේ සභාපති විදියටයි අපි ඉල්ලුවේ. ජනපති අපිට කිව්වේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙ 2015 සැප්තැම්බර් ප්‍රකාශ කළ ජාතික රජයෙන් ඉවත්වීමත් සමඟ රටේ  ස්ථාවර භාවයට ගැටළුවක් වෙන්න පුලුවන් කිව්වා. එවැනි අවස්ථාවක් ඇති වුණොත් නීතිපති සමඟ සාකච්ඡා කරලා මොකද කරන්නේ කියන්නම් කිව්වා."

ජාතික රජයක් නොවන අවස්ථාවක මේ පිළිබඳ පැහැදිලි කිරිමක් කිරීමට අපහසු බව නීතිපතිවරයා පැවසු බවත් මේ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මත විමසීමක් කිරීමට හැකියාව ඇත්තේ ජනපතිට පමණක් බවත් සුමතිපාල මහතා වැඩි දුරටත් පැහැදිලි කළේය.

"ඒ අනුව  මේ පිළිබඳ ජනපතිට ශ්‍රේෂ්ඨාධිකරණයෙන්  විමසන ලෙස නීතිපති දැනුම් දී තිබුණා. ඊයේ (18/02) රාත්‍රී තිබුණේ එම තත්ත්වයයි. අද (19/02) දවල් යළිත් එක්ස්ත් ජනතා නිදහස් සන්ධානය කැඳවලා යළි සාකච්ඡා කළා. ජනපතිගේ ඉල්ලීම වුණේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පිළිතුරු ලැබෙන කම් රටේ තත්ත්වය ඒ ආකාරයෙන් පවත්වාගෙන යා යුතු බවයි. සන්ධානයේ කවුරුත් අද උදේ පාර්ලිමේන්තුව නියෝජනය කරලා තිබුණේ නෑ." යනුවෙන් තිලංග සුමතිපාල මහතා පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now