ශ්‍රී ලංකා - එංගලන්ත එක් දින තරගාවලිය : ශ්‍රී ලංකාව පරදා එංගලන්තය දෙවැනි ජයත් වාර්තා කරයි.

England vs Sri Lanka ODI Series

Source: Getty Images

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ඊයේ (17/10) මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් කඩුලු 7 ක ජයක් අත්කර ගැනීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනූ එංගලන්ක කණ්ඩායමේ නායක ඔයින් මෝගන් පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කර සිටියේය.

වර්ෂාව හේතුවෙන් තරගය ආරම්භවීම ප්‍රමාද වූ අතර පසුව එක් ඉනිමක් ඕවර 21 කට සීමා කරමින් තරගය ආරම්භ කිරීමට විනිසුරුවරුන් තීරණය කළේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත ඕවර 21 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 150 ක් ලබාගත්තේය.

නිරොෂන් දික්වැල්ල පන්දු 20 කදී ලකුණු 36 ක් සහ සධීර සමරවික්‍රම පන්දු 34 කට ලකුණු 35 ක් ලබාගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමට වේගවත් ආරම්භයක් ලබාදුන්හ.

නායක දිනේෂ් චන්දිමාල් ද පන්දු 42 කදී ලකුණු 34 ක් ලබාගනිමින් ශ්‍රී ලංකාවේ ලකුණු සංඛ්‍යාව ඉහළ දමන්නට දායක වුවත් අනෙකුත් පිතිකරුවන් ඉතා අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යාම හේතුවෙන් ශ්‍රී ලංකා පිළ ලකුණු 150 කට සීමා විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 151 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත ක්‍රීඩකයෝ පන්දු 15 ක් ඉතිරිව තිබියදී කඩුලු 3 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ.

මේ අනුව තරග 5 කින්  සමන්විත ශ්‍රී ලංකා - එංගලන්ත එක් දින තරගාවලියේ මේ වන විට 2-0 ක් ලෙස එංගලන්තය ඉදිරියෙන් සිටියි.

දෙපිළ අතර මීළඟ එක් දින තරගය අනිද්දා (20/10) මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.


2 min read

Published

By Madhura Seneviratne


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now