Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ආණ්ඩුවක් ලෙස ජනතාවගේ බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම ඉෂ්ඨ කිරිමට නොහැකි වුණා - අගමැති රනිල්.

Ranil Wickremesinghe Media Statement

Source: SBS Sinhala

අතීත  ක්‍රියාවන්හි ප්‍රතිඵල දෙස බලා ඉදිරියට යාමට තීරණය කළ බව  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

ආණ්ඩුවක් ලෙස ජනතාවගේ බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම ඉෂ්ඨ කිරිමට නොහැකිවූ බව පිළිගන්නා නමුත් අප යම් වැඩ කොටසක් සිදුකර තිබෙන බව ඇමතිවරුන් කිහිපදෙනෙකු සමග අරලියගහ මන්දිරයේදී පැවැති හමුවකදී  අග්‍රාමාත්‍යවරයා ඊයේ (23/02) මේ බව පැවසීය.

ඇතැම් කාර්යයන්හි වේගවත් බවක් නොමැතිවීම ද ඇතැම් කාර්යයන් ප්‍රශ්න සහගතවීම වැනි දේ තිබුණ බවත් ඒ සියල්ල දෙස බලා ඉදිරියට යාමට තීරණය කොට ඇතැයි කී ඒ මහතා මෙසේ ප්‍රකාශ කළේය.

“අප ගෙන යන වැඩසටහන පිළිබදව ජනතාවගේ සම්පුර්ණ කැමැත්ත නොමැති බව පළාත් පාලන මැතිවරණයෙන් දැකිය හැකි වුණා. රටක මැතිවරණයක් පවත්වන්නේ ජනතාවගේ මතය දැන ගැනීමටයි. ඒ නිසා මේ ලැබූ ප්‍රතිඵලය අප පිළිගෙන තිබෙනවා. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ විෂයන් මාරු කිරීමක් සිදුවෙනවා. ඒ සමගම ආණ්ඩුවේ ඇති ප්‍රතිපත්ති දෙසත් බැලිය යුතුයි. එක්සත් ජාතික පක්ෂයේ අපි කැපවී සිටින්නේ අලුත් නායක පරපුරක් බිහි කිරීමටයි. ඒ නායක පරපුර තුළ ඇමතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හා පළාත් සභා මන්ත්‍රීවරු ඉන්නවා. විශේෂයෙන්ම ආණ්ඩුවේ ප්‍රතිපත්ති දෙසයි බැලිය යුත්තේ. ප්‍රතිපත්ති දෙස බලා අපේ ආණ්ඩුව ගත් පියවර දෙස ද බලා රැඩිකල් මාවතක ගමන් කළ යුතු දැයි අප තීරණය කළ යුතුයි. ජනතාව ලබාදී තිබෙන වරම තුළයි අපි ක්‍රියාත්මක වෙන්නේ. ඒ රාමුවෙන් පිට පනින්න බැහැ. පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සිටියත් අලුත් පරපුරක් බිහිකිරීමට ද සැලසුම් කර තිබෙනවා.”

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සදහා කමිටුවක් ඉදිරි සතියේදී පත් කරන බවත් මාසයක පමණ කාලයකදී එම කටයුතු සියල්ල සිදුකරන බව එම හමුවට එක් වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස, අමාත්‍යවරුන් වන අකිල විරාජ් කාරියවසම්, එරාන් වික්‍රමරත්න, සාගල රත්නායක, අජිත් පී.පෙරේරා, හරීන් ප්‍රනාන්දු, හර්ෂණ ද සිල්වා යන මහත්වරු ඇතුලු පිරිසක් මේ හමුවට එක්වූහ.


2 min read

Published

By Nadeeka Daya Bandara - Sri Lanka


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now