SKIP TO MAIN CONTENT

සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස අගමැති ගෙන් ඉල්ලීමක් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුදානම් වෙයි (SBS සිංහල / වාර්තා )

Sri Lanka President and PM
Source: SLFP Facebook

1 min read

Published

Updated

By Sanjaya Dissanayake


Skip to article content

විශ්වාශභංගයට පෙර අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතාට තම ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට ඉල්ලා සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව තීරණය කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශ්‍රීලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම අතර  ඊයේ(අප්‍රේල් 02)  පැවති විශේෂ සාකච්ඡාවේ දී එම තීරණය ගත් බව මාධ්‍ය වාර්තා සදහන් කරයි.

මෙම තීරණය දැනුම් දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට නියමිත අතර ජනාධිපතිවරයා සහ එක්සත් ජාතික පක්ෂ කැබිනට් ඇමතිවරුන් අතර ඊයේ රාත්‍රී සාකච්ඡාවක් පැවැති බව වැඩි දුරටත් වාර්තා වෙයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now