SKIP TO MAIN CONTENT

ගල්කිස්සේ සිටි රෝහින්ග්‍යා සරණාගතයෝ බූස්ස කඳවුරට.

30 Rohingyas ransferred to Boossa Detention Centre
Source: Daily Mirror

1 min read

Published

By Madhura Seneviratne

Source: Daily Mirror



Skip to article content

මියන්මාරයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි රෝහින්ග්‍යා සරණාගතයින් බවට පැවසෙන  ගල්කිස්සේ මහල් නිවාස සංකීර්ණයක රැඳී සිටි මුස්ලිම් ජාතිකයින් 30 දෙනා බූස්ස හමුදා කඳවුරට යොමු කර ඇතැයි වාර්තා වේ.

එම ස්ථානයේ ඇති වූ උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් පොලිස් නිලධාරීන් කිහිප දෙනකුට ද තුවාල සිදුව ඇතැයි පොලිසිය පවසයි.

එම සරණාගතයින් රැඳි සිටි නිවාස සංකීර්ණයට ද හානි සිදුව ඇතැයි පොලිසිය පවසයි.

මේ අතර මියන්මාරයේ සිට පැමිණි රෝහින්ග්‍යා සරණාගතයින් ශ්‍රී ලංකාවෙන් පිටත් කරන ලෙසත් රටේ ස්වෛරීභාවය ආරක්ෂා කරදෙන ලෙසත් ඉල්ලමින් සිංහලේ ජාතික බලමුළුව ඇතුළු සංවිධාන ගණනාවක් එකතුව ඊයේ (26/09) කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලයට සංදේශයක් බාර දී ඇත.

එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය ඉදිරිපිට රැඳී සිටි එම පිරිස  ඔවුන්ගේ සංදේශය එහි නිලධාරියකු හමුවී බාරදුන් අතර පසුව එම ස්ථානයේ දී විරෝධතා පුවරු ඔසවමින් සාමකාමී උද්ඝෝෂණයක ද නිරත වූ බව සඳහන්.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now