SKIP TO MAIN CONTENT

Sajith Premadasa quits presidential election

Sajith Premadasa- Gitabhaya Rajapaksha
Sajith Premadasa- Gitabhaya Rajapaksha Source: SBS Sinhala

2 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

ශ්‍රී ලංකාවේ 7 වෙනි ජනාධිපතිවරයා ලෙසට ගෝඨාබය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය පිළිගනිමින් තමා ජනාධිපතිවරණ සටනින් ඉවත්වන බවට මිට සුළු වෙලාවකට පෙර නව ප්‍රජාතන්තවාදී පෙරමුණෙහි ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත්කරමින් ප්‍රකාශයට පත්කළේය. එම නිවේදනය මඟින් සජිත් ප්‍රේමදාස මහතා මෙලෙස සටහන් කොට තිබිණ.

ජනතාවගේ තීරණයට ගරු කිරීම සහ ඝෝටාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ හත්වන ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම පිළිබඳව මගේ සුබ පැතුම්. දිවයිනේ සෑම අස්සක් මුල්ලක් නෑරම මට ඡන්දය දුන් අපගේ පුරවැසියන්ට මාගේ හෘදයාංගම කෘතවේදිතාව පළ කරමි. ඔබ මා කෙරෙහි විශ්වාසය තැබීම ගැන මම නිහතමානී වෙමි. අවුරුදු විසි හයක මගේ දේශපාලන ජීවිතය තුළ ඔබේ සහයෝගය ශක්තියේ උල්පතක් වී තිබේ. මගේ ජනපති සටනට වෙහෙස නොබලා වැඩ කළ සියලු දෙනාටම මාගේ කෘතවේදිත්වය සටහන් කිරීමට මම කැමැත්තෙමි.

අපේ ස්වාධීන ජනරජයේ ඉතිහාසයේ වඩාත්ම සාමකාමී ජනාධිපතිවරණය අපි දුටුවෙමු. මෙය පසුගිය වසර පහ තුළ සිදුවී ඇති ප්‍රජාතන්ත්‍රවාදී සහ ආයතනික ප්‍රතිසංස්කරණවල ප්‍රතිපලයක් වන අතර එය ස්වාධීන මැතිවරණ කොමිසමක් බල ගැන්වූ අතර නීතියේ ආධිපත්‍යය යථා තත්වයට පත් කළේය. පැමිණෙන ජනාධිපතිවරයාට මා කරන ආයාචනය නම්, ඔහු මෙම ක්‍රියාවලිය ඉදිරියට ගෙන ගොස් 7 වන ජනාධිපතිවරයා ලෙස සාමකාමීව තේරී පත්වීමට හැකි වූ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන හා සාරධර්ම ශක්තිමත් කර ආරක්ෂා කිරීමයි......" යනුවෙන්

එසේම තවදුරටත් අදහස් දක්වා සිටි සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කොට ඇත්තේ තම මෙතෙක් කල් දරු එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක තනතුරින්ද තමා ඉල්ලා අස්වන බවයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now