ඕස්ට්‍රේලියාවේ ජංගම දුරකථන සේවා ලබා ගැනීමේදී පාරිභෝගික ආදායම් පිලිබදව දැඩි ලෙස සොයා බැලීමේ නව ක්‍රමයක් ...(SBS සිංහල / වාර්තා )

jen

Source: ABC Australia

ඔස්ට්‍රේලියාව තුල අලුතින් මසකට ඩොලර් 45ට වැඩි ජංගම දුරකථන සේවා පැකේජයක් මිලදී ගැනීමේදී පාරිභෝගික ආදායම පිළිබද සහ ණ ය ලබා ගැනීමේ (credit check ) විස්තර සොයා බැලීමට තීරණය කොට තිබේ. මෙම නව ක්‍රමය අනුගමනය නොකරන ආයතන හසු කර ගැනීමටද සන්නිවේදන අධිකාරිය කටයුතු කරනු ඇති.

ප්‍රධාන කරුණු

  • මෙම ක්‍රමය සන්නිවේදන පාලන ආයතනය විසින් හඳුන්වා දෙන අතර ACMA විසින් පාලනය කෙරේ
  • නමුත් සේවා සපයන ආයතන වලට ඒ සදහා අවසන් තීරණය ගැනීමට හැකියි
  • ACCC ආයතනය විසින් දැනට Telstra ආයතනය විසින් අඩු ආදායම් ලබීන්ට ලබා දෙන සේවා පිලිබදව පරීක්ෂණ පවත්වයි

නව ක්‍රමය යටතේ මීට පෙර prepaid සේවා පමණක් භාවිත කර ඇති පාරිභෝකියන්ට ඩොලර් 1000ක වටිනාකමකින් යුත් පැකේජ සදහා දැඩි ආදායම් පරීක්ෂාවක් සිදු කෙරේ

සන්නිවේදන සේවා කණ්ඩායම් මීට එකගතාවය පල කොට ඇත්තේ සැබවින්ම පාරිභෝකිකයන්ට එම මුදල ගෙවීමේ හැකියාව ඇත්දැයි සොයා බැලීමේ වැදගත්කම නිසා

පාරිභෝගික සංවිධායක් වන The Australian Communications Consumer Action Network පවසන්නේ වෙළදුන්ගේ වෙලදාම් උපක්‍රම වලින් පාරිභෝගිකයන් බේරා ගැනීමක් මෙමගින් සිදු නොවන බවයි

 Consumer Action Law Centre ආයතනය පවසා ඇත්තේ මෙම දුරකථන සේවා ණය ලෙසත්, එම ආයතන බැංකු ලෙසත් සැලකිය යුතු බව. ඔබට එම සේවාව සදහා ගෙවීමේ හැකියාව ඇත්ද යනුවෙන් පරීක්ෂා කර බැලීම ඔබ නය මුදල් වලින් මිරිකීම වැලක්වීමට අවශ්‍ය බව එම ආයතනය පවසනවා 

සන්නිවේදනය සදහා වන Telecommunications Consumer Protections නම් ක්‍රියාදාමය Australian Communications and Media Authority (ACMA) ආයතනය විසින් බල පැවැත්වේ. ඔවුන් විසින් එක පාරිභෝගිකයෙකුට විවිධ පැකේජ ලබා දීම පිළිබදවද නිරීක්ෂණය කරනු ඇති

වාර්තා වන අන්දමට Centrelink දීමනා වලින් ජීවත් වන පුද්ගලයන්ටත් මසකට ඩොලර් 250 තරම් වූ දුරකත සේවා බිල්පත් නිසා ඔවුන් අපහසුතාවයට පත් ව තිබේ .

පසුගිය් මාස 18 තුල ආදිවාසී ජන ප්‍රජාව තුල ඩොලර් 700000 පමණ දුරකත සේවා ණය එක්වී ඇති බවටඩ් වාර්තා වේ

Source: ABC

dd
Source: SBS

2 min read

Published

Updated

By Charitha Adikari


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now