ඕස්ට්‍රේලියානු රජය තාක්ෂණික සමාගම් වලට විදේශීය සේවකයන් ගෙන්වා ගැනීමට වන වීසා ක්‍රමය තවදුරටත් දීර්ඝ කරයි (SBS සිංහල / වාර්තා)

doub

Source: SBS

ඕස්ට්‍රේලියානු තාක්ෂණික සමාගම් වලට විදේශීය සේවකයන් ගෙන්වා ගැනීම පහසු කරන වීසා ක්‍රමය තවදුරටත් ව්‍යාප්ත කිරීමට රජය තීරණය කොට තිබේ. නමුත් අලුතෙන් මෙසේ නව තාක්ෂණික සමාගම් ඇති වීම නම් සෙමින් සිදු වන බවට වාර්තා වේ.

සංක්‍රමණික අමාත්‍ය David Coleman පවසන්නේ මෙම වීසා ක්‍රමය ඕස්ට්‍රේලියානු සංක්‍රමන  ක්‍රියාවලියේ තවත් අංගයක් වනු ඇති බවයි. මෙම සේවකයන් නිසා ඕස්ට්‍රේලියානු ව්‍යාපාර වලට තවත් අලුත් කුසලතා ලැබෙන බවත් එමගින් රටේ තව රැකියා උත්පාදනයද සිදු කල හැකි බවද අමාත්‍යවරයා පවසනවා. මේ සදහා coles , rio tinto වැනි සමාගම් ද කුඩා start up ව්‍යාපාර කිහිපයක්ද එක් වී තිබේ.

නමුත් සන්ක්රමනික නීතීඥය Jordan Tew, පවසන්නේ මෙම වීසා ක්‍රමය පිළිබද නොයෙක් දුර්මත ඇති බවයි. බොහෝ දෙනා මෙය start up ව්‍යාපාර සදහා වන විශේෂ වීසා එකක් ලෙස සිතුවත් , ඒ සදහා අමතර වියදමක් හා පරිපාලන කටයුතු සිදු කිරීමට අවශ්‍ය බව Tew මහතා පවසයි

අමාත්යවරයාගේ දෙපාර්තමේන්තුවට හරිහැටි මෙම වීසා කොපමණ ලබා දී ඇත්දැයි කිව නොහැකි වුවත් , මේ වන විට ඉතා සුළු ප්‍රමාණයක් පමණක් නිකුත් කොට ඇති බවට වාර්තා වේ.

ගාස්තු අවම කිරීම

Tew මහතා පවසන්නේ කෙතරම් ගැටළු ඇති වුවත් මෙම වීසා ක්‍රමය දීර්ඝ කිරීම යහපත් බවත් එහි ගාස්තුව ඩොලර් 10000 පමණ වීම වැළක්විය යුතු බවයි. start up සමාගමකට එවන් මුදලක් යෙදවීමට නොහැකි වීමට ඉඩ ඇති බවට ඔහු පවසයි

Startup Advisory Panel හි ප්‍රධානී Alex McCauley පවසන්නේ ඕස්ට්‍රේලියාවේ start up සමාගම් වලට ලෝකයේම නිපුණතා සහිත දක්ෂයන් ගෙන්වීමට අවශ්‍ය නිසා මෙම ක්‍රමය දීර්ඝ කාලීනව පැවතීම අවශ්‍ය බවයි .

Gold coast හි රොකට් නිෂ්පාදනය කරන start up සමාගමක් වන Gilmour Space Technologies ආයතනය පවසන්නේ රොකට් නිපදවීමට අවශ්‍ය නිපුනතා සහිත පිරිස් ඕස්ටේලියාවේ සොයා ගත නොහැකි බවයි. ඒ නිසා ඕස්ට්‍රේලියානුවන් ඒ සදහා පුහුණු කිරීමටත් මෙම වීසා ක්‍රමය යටතේ සේවකයන් ගෙන්වන බව ඔවුන් පවසයි. නමුත් එම වීසා ලබා දීමට මාස 6ක් පමණ ගත වූ නිසා විදෙස් සේවකයන් එසේ මාස ගණනක් රැකියාවක් සදහා බලා සිටීමට අකමැති බවත් ඔවුන් පවසනවා.

ඒ නිසා අවශ්‍ය ලියකියවිලි හා ගත වන කාලය අඩු කිරීම වැදගත් බව එම ආයතනයේ අදහසයි

s
Source: SBS

2 min read

Published

Updated

By Charitha Adikari

Source: SBS News


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now