Latest

COVID 19 update 26 August: long COVID හේතුවෙන් දිනකට ඔස්ට්‍රේලියානු ශ්‍රමිකයින් 31,000ක් අසනීප වන බව හෙළිවෙයි

2022 අගෝස්තු 26 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

AUSTRALIAN FACE MASKS COVID-19

Workers use sewing machines to sew face masks at a Carrum Downs factory in Melbourne. (file) Source: AAP / MICHAEL DODGE/AAPIMAGE

Highlights

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 62 ක් වාර්තා වී ඇති අතර වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 25 ක්ද, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 22 ක්ද ඊට ඇතුළත් වේ.

ඔස්ට්‍රේලියාවේ නව කොවිඩ් ආසාදිතයින්, රෝහල්ගතවීම් සහ කොවිඩ් මරණ සඳහා නවතම COVID-19 දත්ත මෙතැනින් ලබාගත හැකිය.
වයස අවුරුදු 12-17 අතර පසුවන නව යොවුන් වියේ අයට ප්‍රෝටීන් මත පදනම් වූ Novavax COVID-19 එන්නත සැප්තැම්බර් 5 සිට ලබා ගත හැක.

long-COVID හේතුවෙන් දිනකට ඔස්ට්‍රේලියානු ශ්‍රමිකයින් 31,000ක් අසනීප වන බව ඇස්තමේන්තු කර ඇතැයි භාණ්ඩාගාර දත්ත පෙන්නුම් කරයි.

ඔස්ට්‍රේලියාව සැප්තැම්බර් 5 සිට වයස අවුරුදු පහට අඩු ළමුන් සඳහා Moderna හි Spikevax එන්නත නිකුත් කිරීමට සූදානම් වේ.

දෙමාපියන්ට ඒ පිළිබඳ වැඩි විස්තර සහ consent පෝරමය මෙතැනින් ලබා ගත හැක. කෙසේ වෙතත්, එන්නත් ලබාගැනීමට වේලාවන් වෙන්කරවා ගැනීමට ඉඩ සැලසීම් තවමත් නොමැත.
වයස අවුරුදු 30-49 අතර ගර්භනී සහ කිරි දෙන කාන්තාවන්ට ඔවුන්ගේ දෙවන බූස්ටර් මාත්‍රාව ලබා ගත හැකි බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පැවසීය.

කෙසේ වෙතත්, මාත්‍රා තුනක් ලබා ගත් කාන්තාවන් තුළ දරුණු රෝග ඇතිවීමේ අවදානම ඉතා අඩු බව රජය සඳහන් කරයි.

අඛණ්ඩව සති හතරක් ඉහළ යාමෙන් පසු monkeypox රෝගීන් සංඛ්‍යාව 21% කින් අඩු වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය සිය නවතම සතිපතා වාර්තාවේ සඳහන් කරයි.

ඇමෙරිකාව, ස්පාඤ්ඤය, බ්‍රසීලය, ජර්මනිය, එක්සත් රාජධානිය, ප්‍රංශය, කැනඩාව, නෙදර්ලන්තය, පේරු සහ පෘතුගාලය යන රටවල වැඩිම monkeypox රෝගීන් වාර්තා වී ඇත.

Share

Published

By Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service