SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ අතුරු මැතිවරණ හිතා මතා කල් දමන බවට රජයට චෝදනා.

Australia's by elections
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඔස්ට්‍රේලියාවේ ද්විත්ව පුරවැසිභාව අර්බුදය හේතුවෙන් තම මන්ත්‍රී ධුර වලින් ඉවත්වීමට සිදුවූ මන්ත්‍රීවරුන්ගේ ආසන සඳහා නව නියෝජිතයින් පත් කරගැනීමට අතුරු මැතිවරණ කිහිපයක් පැවැත්වීමට නියමිතව තිබේ.

මෙම අතුරු මැතිවරණ වල දින නියම කිරීම කතානායක Tony Smith සහ මැතිවරණ කොමිසම සතු වගකීමක් බව සන්නිවේදන කටයුතු අමත්‍ය Mitch Fifield  පවසයි.

බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ ආසන වන Perth සහ  Fremantle, ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ  Longman, ටස්මේනියානු ප්‍රාන්තයේ Braddon  සහ දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ Mayo යන ආසන වල මෙලෙස අතුරු මැතිවරණ පැවැත්වීමට නියමිතය.

අදාළ ආසන වල අතුරු මැතිවරණ ජුලි මාසයේදී පැවැත්වීමට නියමිත වුවත් මෙතෙක් රජය විසින් ඒ සදහා දින ප්‍රකාශයට පත් කර නොමැති වීම විපක්ෂයේ විවේචනයට ලක් වී තිබේ.

ලිබරල් සන්ධාන රජය හිතාමතා මෙම අතුරු මැතිවරණ කල් දමමින් සිටින බවට කම්කරු පක්ෂයේ ඉදිරි පෙළ මන්ත්‍රී Anthony Albanese  මහතා චෝදනා කරයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now