32 වෙනි නාලිකාවේ SBS World Movies සඳහා සුදානම් වන්න

SBS VICELAND 2019 ජූනි 18 වෙනිදා සිට නරඹන ආකාරය

SBS Viceland HD logo

SBS VICELAND is available in HD on free-to-air channel 31. Source: SBS

දැනට 32 වෙනි නාලිකාව ඔස්සේ SBS VICELAND නරඹන අය 2019 ජූනි 18 වෙනි සඳුදා සිට එම වැඩසටහන දිගටම නැරඹීම සඳහා 31 වෙනි නාලිකාවට පිවිසිය යුතුය.

මෙම වෙනස සිදුකරන්නේ 32 වෙනි නාලිකාව ඔස්සේ SBS World Movies විකාශනය කිරීම සඳහා සූදානම් වීමක් වශයෙනි. SBS World Movies නොමිලේ HD තත්වයෙන් 32 වෙනි නාලිකාව ඔස්සේ 2019 ජූලි  1 වෙනිදා සිට සියළුම ඕස්ට්‍රේලියානුවන් වෙත පිරිනැමේ.

SBS World Movies යනු කුමක්ද?

SBS World Movies යනු 2019 ජූලි  1 වෙනිදා සිට 32 වෙනි නාලිකාව ඔස්සේ දියත් කෙරෙන 24 පැය පුරා කැපවුණු නාලිකාවකි. විවිධත්වයෙන් යුතු ජාත්‍යන්තර සිනමාපට ඕස්ට්‍රේලියානු ප්‍රේක්ෂකයින් හට ඉදිරිපත් කිරීමේ 25 වසරක උරුමය අනුව කටයුතු කරමින් SBS World Movies ලොව වටා ඇති හොඳම සිනමාපට ප්‍රදර්ශනය කරනු ඇත. යුරෝපීය අරුත්බර සිනමාවේ සිට හොඳම බොලිවුඩ් සිතුවම්පට, ආදරබර සුඛාන්ත, සජීවිකරණය  කළ සිතුවම්පට සහ තවත් බොහෝ දෑ මෙම නාලිකාවෙන් ඉදිරිපත් කෙරෙනු ඇත. SBS World Movies සම්මානලාභී ප්‍රියතම සහ පිළිගැනීමට ලක්වූ නව නිකුත් කිරීම් සඳහා නිවහන වනු ඇති අතර නාලිකාවේ භාගයක් පමණ කෘතීන් ඉංග්‍රීසි නොවන භාෂාවකට අයත් වනු ඇත.

32 වෙනි නාලිකාවේ SBS VICELAND වැඩසටහනට කුමක් වනු ඇතිද?

SBS VICELAND කලින් 32 වෙනි නාලිකාව ඔස්සේ Standard Definition (SD) සහ 31 වෙනි නාලිකාව ඔස්සේ High Definition (HD) තත්ත්ව යටතේ විකාශනය විය. 2019 ජූනි  18 වෙනි සඳුදා සිට 32 වෙනි නාලිකාව ඔස්සේ SBS VICELAND විකාශනය නොකෙරෙන නමුත් 31 වෙනි නාලිකාව ඔස්සේ එය දිගටම විකාශනය කෙරෙනු ඇත. 32 වෙනි නාලිකාව ඔස්සේ SBS VICELAND නරඹන අය එය දිගටම නැරඹීම සඳහා 31 වෙනි නාලිකාවට මාරු විය යුතු අතර නැතහොත් SBS On Demand ඔස්සේද SBS VICELAND වැඩසටහන් දිගටම නැරඹිය හැක.

2019 ජූලි 1 වෙනි සඳුදා සිට 32 වෙනි නාලිකාව (කලින් SBS VICELAND SD) SBS World Movies නාලිකාව බවට පත්වනු ඇත.

SBS කිසියම් නාලිකා හෝ වැඩසටහන් කපා හරින්නේද?

SBS කිසිදු සේවාවක් හෝ නාලිකාවක් අත්හිටුවන්නේ නැත - අපි දැනට ඇති සේවාවන් පවත්වාගෙන යන අතරම SBS World Movies 32 වෙනි නාලිකාව ඔස්සේ නොමිලේ ඉදිරිපත් කරමින් ඕස්ට්‍රේලියානුවන් හට වැඩිපුර විකල්ප ඉදිටිපත් කරමින් සිටිමු.

මා  SBS VICELAND ග්‍රහණය කරන්නේ කෙසේද?

31 වෙනි නාලිකාව ඔස්සේ SBS VICELAND සාමාන්‍ය පරිදි දිගටම විකාශනය කෙරෙනු ඇති අතර වැඩසටහන් SBS On Demand තුලින්ද දිගටම ඉදිරිපත් කෙරෙනු ඇත.

31 වෙනි නාලිකාව HD නාලිකාවක් වන බැවින් සමහර නරඹන්නන් හට එය නැරඹීම සඳහා ඔවුන්ගේ රූපවාහිනී යන්ත්‍ර යළි සුසර කිරීමට සිදුවිය හැක. ඔබේ රූපවාහිනිය HD MPEG-4 අනුකූල නොවූවත් SBS On Demand ඔස්සේ ඔබට තවදුරටත් SBS VICELAND වැඩසටහන් නැරඹිය හැක.

මා  SBS World Movies ග්‍රහණය කිරීම සඳහා සුසර කරන්නේ කෙසේද?

සුසර කළ යුතු නම් ඒ සඳහා අවශ්‍ය, කිසිදු විශේෂ යන්ත්‍රයකට, ආකෘතියකට හෝ වර්ගයකට පමණක් අදාල නොවන මූලික උපදෙස් පහත දක්වා ඇත. Menu විස්තර සහ ලේබල ඔබේ උපකරණයට අනුව වෙනස්විය හැක.

1. ඔබේ උපකරණයේ පාලක පුවරුව දැකීම සඳහා දුරස්ථ පාලකයේ 'menu' හෝ 'home' බොත්තම ඔබන්න.

2. 'digital auto tuning' හෝ 'digital channel tuning' විකල්පය පිහිටි තැන සොයාගන්න,

3. 'start' හෝ 'search' තෝරාගන්න. යළි සුසර වීම සඳහා මිනිත්තු කිහිපයක් ගතවනු ඇත.

සැකයක් ඇතොත්, යළි  සුසර කරන ආකාරය පිළිබඳව ඔබේ රුපවාහිනියේ අත්පොතෙහි ඇති උපදෙස් පිළිපදින්න. නැතහොත් රුපවාහිනිය නිපැයූ ආයතනය අමතන්න.

ඔබට වැඩිදුරටත් සහාය අවශ්‍යනම්, කාර්යාල වේලාවන් තුලදී 1800 500 727 ඔස්සේ SBS ඇමතීම වුවද සිදුකළ හැක.


3 min read

Published

Updated


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now