SKIP TO MAIN CONTENT

ලංකාවෙන් 32ක් IS සංවිධානයට එක්වී ඇති බව හෙළිවේ.

32 Sri Lankans have joined IS in Syria
Source: www.huffingtonpost.com

1 min read

Published

By Madhura Seneviratne



Skip to article content

ශ්‍රී ලංකාවේ පවුල් 4ට අයත් පුද්ගලයින් 32ක් සිරියාව බලා ගොස් IS ත්‍රස්ත සංවිධානයට එකතුවී ඇති බවට තොරතුරු ඇතැයි අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

ඊයේ (18/11) සිට ශ්‍රී ලංකාව තුළ ආගම්වාදී අන්තවාදී ක්‍රියාකාරකම්වලට කිසිසේත්ම ඉඩ නොදෙන බව ඊයේ (18/11) පාර්ලිමේන්තුවේදී අයවැය දෙවන වර කියවීමේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේය.

ඇතැම් වෙබ් අඩවි හරහා අසත්‍ය ප්‍රචාර හා අන්තවාදී ප්‍රකාශ නිකුත්වන බවත්,ඒවායින් ජනයා නොමග යන බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

මේ අයුරින් අධිකරණයට අපහාස වන ලෙස දිගින් දිගටම පුවත් පළකරන ලංකා ඊ නිව්ස් කර්තෘ සඳරුවන් සේනාධීර යන අය ජාත්‍යන්තර පොලීසිය හරහා අත්අඩංගුවට ගෙන ලංකාවට ගෙනවිත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද විජයදාස රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

මේ අතර ලංකාවේ විදේශීය ඔත්තු සේවා කිහිපයක්ද ක්‍රියාත්මක වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now