SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ කතෝලික සහ ස්වාධීන පාසල් සඳහා ඩොලර් බිලියන 4.6 ක මුල්‍ය ප්‍රතිපාදන වෙන් කරන බවට රජයෙන් පොරොන්දුවක්.

School funding
Source: AAP

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඔස්ට්‍රේලියාවේ කතෝලික සහ ස්වාධීන පාසල් සඳහා ඩොලර් බිලියන 3.2 ක මුල්‍ය ප්‍රතිපාදන ලබා දෙන බවට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ඊයේ නිවේදනය කළේය.

ඔස්ට්‍රේලියාවේ පාසල් සඳහා ප්‍රතිපාදන සැපයෙන Gonski 2.0 ආකෘතිය හා ජාතික කතෝලික අධ්‍යාපන කොමිසම මෙන්ම ස්වාධීන පාසල් සභාව අතර මුල්‍ය ප්‍රතිපාදන පිළිබඳ දීර්ග කාලයක පටන් පැවතුණු අර්බුදයට විසඳුමක් ලෙස රජය මෙම තීරණය ගෙන තිබේ.

එමෙන්ම අමතර ප්‍රතිපාදන ලෙස ඩොලර් බිලියන 1.4 ක් ඉදිරි සිව් වසර ඇතුළත ලබාදෙන බවටද රජය පොරොන්දු වී තිබේ.

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ගත් මෙම තීන්දුව අගය කරන මුත් මෙම ප්‍රතිපාදන ලබා දීම සඳහා රජයේ පාසල් වෙත ලබාදෙන මුල්‍ය ප්‍රතිපාදන කප්පාදු නොකළ යුතු බව  කම්කරු පක්ෂයේ අධ්‍යාපනය පිළිබඳ නියෝජිත Tanya Plibersek පැවසුවාය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now