SKIP TO MAIN CONTENT

තමන් හඳුන්වාදුන් නව දේශපාලන සංස්කෘතිය අනෙක් පාර්ශව ආදර්ශයට ගත යුතුයි : රවී කරුණානායක කියයි. (වීඩියෝ)

Ravi Karunanayaka -
former foreign minister - Sri Lanka Source: SBS Sinhala

2 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

නව දේශපාලන සංස්කෘතියක් පාර්ලිමේන්තුවට හදුන්වාදීමත් සමග සෙසු මහජන නියෝජිතයන් ද එය ආදර්ශයට ගත යුතු යැයි හිටපු විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. ඊයේ ( අගෝස්තු 13) මහනුවරට පැමිණ අස්ගිරි මහා විහාරයේදී අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමිපාණන් වහන්සේ බැහැ දැක කරුණු පැහැදිලි කොට සිටියේ රවී කරුණානායක මහතා මේ බව ප්‍රකාශ කොට සිටියේය.

 

 

මෙය ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ පමණක් නොව වෙනත් ආසියාතික රටක පෙර නොවූ දේශපාලන අත්දැකීමක් ලෙසට තමන්ගේ ඉල්ලා අස්වීම සනිටුහන් වන බවද ඔහු පවසා තිබේ.

මාධ්‍ය මගින් ඇති කරන ලද  සංදර්ශනයන් සිය ඉල්ලා අස්වීමට එක් හේතුවක් වූ බව කී මහතා මාධ්‍ය කටයුතු කරන්නේ ඔවුනට උචිතවූ න්‍යාය පත්‍රයකට යැයි කීවේය. මේ හේතුවෙන් අනවශ්‍ය ගැටලුවක් නිර්මාණය වූ නමුත් තමන් සිය දේශපාලන සුපිරිසිදු භාවය ඔප්පු කරමින් අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වූ බව ප්‍රකාශ කළේය.

තමන් සිදු කළ ක්‍රියාව ආදර්ශයට ගනිමින් සෙසු නියෝජිතයන් ද පැය 48ක් තුළදී තමන්ගේ ස්ථාවරය පෙන්වා දිය යුතු යැයි කී හිටපු අමාත්‍යවරයා තමන් බිහි කළ නව තත්ත්වය තුළින් සෙසු පිරිස්ද සිය දක්ෂතාවය පෙන්විය යුතු බව කීහ.

පාර්ලිමේන්තුව තුළ කිසිදු අර්බුදයක් මතු නොවන පරිදි ජනාධිපති අගමැති හා ආණ්ඩුව ආරක්ෂාකර ගනිමින් තමන් ඉල්ලා අස්වු බවත් තමන් කරන සියලු කාර්යයන් විනිවිද භාවයෙන් යුතුව ඉටු කරන බව රවී කරුණානායක මහතා එහිදී පැවසිය.

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now