19 න් පහළ ආසියානු කුසලානයේ අනු ශූරතාව ශ්‍රී ලංකා යොවුන් පිළට.

Under-19 Asia Cup

Source: espncricinfo

ආසියානු ක්‍රිකට් සමුළුව සංවිධානය කළ වයස අවුරුදු 19 න් පහළ හත්වැනි ආසියානු කුසලානය දිනාගැනීමට ඉන්දීය යොවුන් පිළ ඊයේ (07/10) සමත් විය.

ශ්‍රී ලංකා යොවුන් පිළ හා ඉන්දීය යොවුන් පිළ අතර වයස අවුරුදු 19 න් පහළ හත්වැනි ආසියානු කුසලානයේ අවසන් මහා තරගය ඊයේ බංග්ලාදේශයේ ඩකා නුවරදී පැවැත්විණි.

කාසියේ වාසිය දිනූ ඉන්දීය යොවුන් පිළ ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලු 3 කට ලකුණු 304 ක් ලබාගත්තේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 305 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා යොවුන් පිල ඕවර 38.4 කදී ලකුණු 160 කට සීමාවිය.

මේ අනුව ශ්‍රී ලංකා යොවුන් පිළ පරදවමින් ලකුණු 144 ක පහසු ජයක් ලබාගන්නට ඉන්දීය යොවුන් පිළ සමත් විය.

ඉන්දියාව ආසියානු යොවුන් ක්‍රිකට් ශූරතාව දිනූ හයවැනි අවස්ථාව මෙය වන අතර ශ්‍රී ලංකාව සිවුවැනි වරටත් අනු ශූරයන් බවට පත්විය.


Share

Published

Updated

By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service