SKIP TO MAIN CONTENT

19 න් පහළ ආසියානු කුසලානයේ අනු ශූරතාව ශ්‍රී ලංකා යොවුන් පිළට.

Under-19 Asia Cup
Source: espncricinfo

1 min read

Published

Updated

By Madhura Seneviratne


Skip to article content

ආසියානු ක්‍රිකට් සමුළුව සංවිධානය කළ වයස අවුරුදු 19 න් පහළ හත්වැනි ආසියානු කුසලානය දිනාගැනීමට ඉන්දීය යොවුන් පිළ ඊයේ (07/10) සමත් විය.

ශ්‍රී ලංකා යොවුන් පිළ හා ඉන්දීය යොවුන් පිළ අතර වයස අවුරුදු 19 න් පහළ හත්වැනි ආසියානු කුසලානයේ අවසන් මහා තරගය ඊයේ බංග්ලාදේශයේ ඩකා නුවරදී පැවැත්විණි.

කාසියේ වාසිය දිනූ ඉන්දීය යොවුන් පිළ ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලු 3 කට ලකුණු 304 ක් ලබාගත්තේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 305 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා යොවුන් පිල ඕවර 38.4 කදී ලකුණු 160 කට සීමාවිය.

මේ අනුව ශ්‍රී ලංකා යොවුන් පිළ පරදවමින් ලකුණු 144 ක පහසු ජයක් ලබාගන්නට ඉන්දීය යොවුන් පිළ සමත් විය.

ඉන්දියාව ආසියානු යොවුන් ක්‍රිකට් ශූරතාව දිනූ හයවැනි අවස්ථාව මෙය වන අතර ශ්‍රී ලංකාව සිවුවැනි වරටත් අනු ශූරයන් බවට පත්විය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now