SKIP TO MAIN CONTENT

අන්තර්ජාතික සිසුන් සහ තාවකාලික සංක්‍රමණිකයින් පිළිබඳ ඔස්ට්‍රේලියානු අගමැතිගේ නවතම තීන්දුව මෙන්න.

international students
Australia Awards Scholarships are long-term development awards administered by the Australian Government’s Department of Foreign Affairs and Trade. Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

උසස් අධ්‍යාපනය සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණෙන නව අන්තර්ජාතික සිසුන්ව ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වලින් බැහැරව අනෙකුත් කුඩා නගර වෙත යොමු කරවීමට ඔස්ට්‍රේලියානු අග්‍රාමත්‍ය  Scott Morrison ගේ අවධානය යොමුව තිබේ.

විශේෂයෙන්ම උසස් අධ්‍යාපනය සඳහා පැමිණෙන අන්තර්ජාතික සිසුන්ව මෙල්බර්න් සහ සිඩිනි නගර වලින් වෙනත් නගර කරා යොමු කරවීම මෙහි මූලික අරමුණ වේ.

එහිදී ඔස්ට්‍රේලියාවේ අනෙකුත් ප්‍රාදේශීය කලාප වල පිහිටි විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන වෙත ඔවුන්ව යොමු කරවීම රජයේ අදහස වී ඇත.

එමෙන්ම අන්තර්ජාතික සිසුන් ද ඇතුළුව තාවකාලික වීසා මත ඔස්ට්‍රේලියාවට පැමිණෙන නව තාවකාලික සංක්‍රමණිකයින්වද මෙසේ ප්‍රාදේශීය ප්‍රදේශ වලට යොමු කරවීමට අග්‍රාමත්‍ය ස්කොට් මොරිසන් අදහස් කර ඇතැයි මාධ්‍ය වාර්තා පළවෙයි.

දිනෙන් දින ඉහළ යන ඔස්ට්‍රේලියාවේ ජනගහනය සමස්ත රට තුළම මනාව විසුරුවා හැරීම මෙහි මූලික අරමුණ වන බව වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now