මැදපෙරදිග මුහුදු කලාපයේ ආරක්ෂාවට ඔස්ට්‍රේලියානු හමුදා පිටත් කර හැරීමේ තීරණය නිවැරදි බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය නැවත අවධාරණය කරයි.

Foreign Minister Marise Payne defends Australia's Strait of Hormuz deployment

Source: AAP

මැදපෙරදිග මුහුදු කලාපයේ තෙල් නෞකාවන් ආරක්ෂා කරගැනීම සඳහා ඔස්ට්‍රේලියානු හමුදාවන් මැදපෙරදිග කලාපයට පිටත් කර හැරීමේ තීරණය නිවරදි බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය නැවත අවධාරණය කරයි.

ගල්ෆ් මුහුදු කලාපයේ ඉරානයට විරුද්ධව ඇමෙරිකානු හමුදා නායකත්වය සපයන මෙහෙයුම් සඳහා සහය දැක්වීමක් වශයෙන් ඔස්ට්‍රේලියානු හමුදා ඛණ්ඩ සහභාගී කරවීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පසුගිය සතියේදී තීරණය කළේය.

මෙම මෙහෙයුම හරහා ගල්ෆ් කලාපයේ ඉරානය හා සම්බන්ධව ඇතිව ඇති උණුසුම්කාරී තත්ත්වය පහව යනු ඇතැයි ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ විදේශ කටයුතු පිළිබඳ ඇමතිනී Marise Payne පවසයි.

ඔස්ට්‍රේලියාව තම සම්පත් මැදපෙරදිග කලාපය සඳහා කැප කරන නමුත් ලෝකය වෙනුවෙන් තම භූමිකාව මගහරින බව ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර ආරක්ෂාව සහ බුද්ධි අධ්‍යන පිළිබද මහාචාර්ය John Blaxland පැවසීය.


1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now