SKIP TO MAIN CONTENT

ජාතික ආණ්ඩුව පිළිබඳ කතානායක ගෙන් අද විශේෂ ප්‍රකාශයක්.

Politics of Sri Lanka
Source: Daily News

2 min read

Published

By Madhura Seneviratne


Skip to article content

එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර 2015 වසරේ පිහිටුවා ගත් ජාතික ආණ්ඩුවේ ගිවිසුම් ගත කාලය පිළිබඳ අද (21/02) පාර්ලිමේන්තුවෙදී විශේෂ ප්‍රකාශයක් කරන බව කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (20/02) පැවසීය.  

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා සහ ඒකාබද්ධ විපක්ෂයේ දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් ජාතික ආණ්ඩුවේ ගිවිසුම් ගත කාලය පිළිබඳකතානායකවරයා වෙත යොමු කරන ලෙද ප්‍රශ්න කිරීම් වලට පිළිතුරු දෙමින් ඒ මහතා එසේ පැවසීය.

 

19 වැනි සංශෝධනය අනුව ජාතික ආණ්ඩුවක් පවතිනවානම් පමණක් අමාත්‍ය ධුර සංඛ්‍යාව 30ට වඩා වැඩි කිරීමට හැකි බව එහිදී අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

 

“මේ ජාතික ආණ්ඩුව ගොඩ නගා තිබෙන්නේ අවුරුදු දෙකකටයි. එය ඉදිරියට යෑම තීරණය කරන්නේ ඒ පිළිබඳ සමාලෝචනය කිරීමෙන් පසුවයි. ඒ අවුරුදු දෙකකට අවශ්‍ය වන පරිදි අමාත්‍යවරු සංඛ්‍යාව 30 සිට 48 දක්වාත් නියෝජ්‍ය අමාත්‍යවරු සංඛ්‍යාව 40 සිට 48 දක්වා වැඩි කර ගැනීමටත් තමයි පාර්ලිමේන්තුව අනුමැතිය දුන්නේ” යනුවෙන් ඔහු එහිදී වැඩි දුර අදහස් දැක්වුවේය.

 

මේ හේතුවෙන් එම අවුරුදු දෙකෙන් පසුව ඇමැතිවරුන්, නියෝජ්‍ය සහ රාජ්‍ය ඇමැතිවරුන් වැඩි කර ගැනීමට පාර්ලිමේන්තුවෙන් අනුමැතිය ගත යුතු නමුත් තවමත් ඒ දේ සිදුවී නොමැති බවද ඔහු පැවසුවේය.

එමෙන්ම අමාත්‍යවරුන් වැඩි කර ගැනීමට දී තිබූ අනුමැතිය අවසන් වී ඇති බවත් මේ නිසා මේ සිටින ඇමැතිවරුන් වලංගුද යන ප්‍රශ්නය අපට තිබෙන බවත් දිසානායක මහතා ප්‍රකාශ කළේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now