SKIP TO MAIN CONTENT

යහපාලනය ගැන නොදන්නා මන්ත්‍රීවරුන් ඒ පිළිබඳ කතා නොකර සිටිනවානම් වඩාත් හොඳයි : දුමින්ද දිසානායක.

Politics of Sri Lanka
Source: SBS Sinhala

1 min read

Published

By Nadeeka Daya Bandara - Sri Lanka


Skip to article content

ජාතික ආණ්ඩුව බිහිකිරීමේ අවශ්‍යතාව  තේරුම් නොගත්  යහපාලන ආණ්ඩුවේ මහජන නියෝජිතයන්  තැන තැන අදහස් නොදක්වා නිහඩවීම වඩා උචිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කළේය.

එක් පක්ෂයකට කළ නොහැකි දේ ඉටු කිරීම සදහා ජාතික වගකීමකින් යුතුව යහපාලන ආණ්ඩුවක් නිර්මාණය කළ නමුත් ඒ ආණ්ඩුවේ ඇතැම් නියෝජිතයන්ට ඒ වගකීම මේ දක්වා අවබෝධවී නැතැයි  නොවැම්බර් 24 වන දින මහනුවර කුණ්ඩසාලේ දී පැවැති හමුවකදී අමාත්‍යවරයා කීවේය.

යහපාලන ආණ්ඩුව තුළ යම් අභ්‍යන්තර ගැටලුවක් ඇත්නම් එය අභ්‍යන්තරව සාකච්ඡා කොට විසදාගැනීම මිස යහපාලනයේ අරමුණු නොදැන විවිධ ප්‍රකාශ නිකුත් කිරීම  කිසිසේත්ම සුදුසු නැතැයි කී අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේය.

“යහපාලන ආණ්ඩුවේ අරමුණු තේරුම් නොගත් යම් යම් පිරිස් විවිධ අදහස් දක්වනවා. එය නුදුසුදුයි. අභ්‍යන්තර ගැටලු අභ්‍යන්තර වශයෙන් විසදා ගැනීමයි සුදුසු වන්නේ. අප දෙපිරිස එකතුවුණේ එකිනෙකා ඇණ කොට ගැනීමටවත් එකිනෙකාට ඇගිල්ල දිගු කිරිමටවත් නොවෙයි. එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන ප්‍රධාන පක්ෂ දෙක එකතුවුණේ මේ රට අලුත් ගමනක් ගෙන යන්නයි.” යනුවෙන්ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now