SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ වීසා අයදුම්පත් පද්ධතිය පුද්ගලිකකරණය කිරීමට ප්‍රධාන හේතුව හෙළිවේ.

Privatise the visa application system
Source: Department of Home Affairs

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ඔස්ට්‍රේලියාවේ වීසා අයදුම්පත් පද්ධතිය පුද්ගලිකකරණය කිරීමේ සැලසුම පිළිබඳ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව අවසන් තීරණය ගැනීමට සූදානම් වන බව වාර්තා වේ.

මෙම නව සැලසුමට අනුව ඔස්ට්‍රේලියාවේ වීසා අයදුම්පත් පද්ධතිය ගෝලීය ලෙස ඩිජිටල් පද්ධතියකට නිර්මාණය කෙරෙනු ඇති බව සඳහන්.

මෙම ව්‍යාපෘතිය සඳහා පුද්ගලික ආයතන 10 කටත් වැඩි ප්‍රමාණයක් උනන්දුව පළ කර ඇති අතර වසර 10 ක කාලයකට ඩොලර් බිලියනයක් මේ සඳහා ආයෝජනය කළ යුතු බවද අනාවරණය වී තිබේ.

ඔස්ට්‍රේලියාවට පැමිණීමට අපේක්ෂා කරන පුද්ගලයින් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති නිසා එම පීඩනය වත්මන් ඔස්ට්‍රේලියානු වීසා අයදුම්පත් පද්ධතියට දරාගත නොහැකි බැවින් මෙම තීන්දුව ගත් බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු ප්‍රධානී  Michael Pezzullo පැවසීය.

කෙසේවෙතත්, මේ සඳහා තවමත් කැබිනට් අනුමැතිය ලැබී නොමැති බවද සඳහන්.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now