SKIP TO MAIN CONTENT

රජයෙන් ඉවත්ව ගිය ශ්‍රීලනිප 16 දෙනා යලි එන්න අහනවලු : රජයේ අමාත්‍යවරයෙකුගෙන් ඉඟියක් (වීඩියෝ සහිතයි)

Sarath Amunugama_Minister_Sri Lanka
Sarath Amunugama_Minister_Sri Lanka Source: SBS Sinhala

2 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

රජයෙන් ඉවත්ව ගිය ඇමති දහසයදෙනාගෙන් කිහිපදෙනෙකු යළි රජයට එක්වීම සඳහා ඉල්ලා සිටින බව අමාත්‍ය සරත් අමුණුගම මහතා ප්‍රකාශ කරයි.

ආණ්ඩුවෙන් පිටත්වූ දහසයේ කල්ලිය සඳහා විශාල පිළිගැනීමක් ලැබෙතැයි ඔවුන් කළ අපේක්ෂාව ඉටු නොවීම නිසා දෙතුන්දෙනෙකුම මේ වන විට ආණ්ඩුවට එක්වීම සදහා අදහස් කරන බව මහනුවර දී පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඒ වන විට පදනමක් සහිතව සංවිධාන වී සිටින නිසා ඉවත්වූ ඇමතිවරුන්ට එම පක්ෂයෙන් සැලකිය යුතු ස්ථානයක් නොලැබීම නිසා හිටපු ඇමතිවරු පිරිස සිත්තැවුලට පත්වූ බව ද අමාත්‍යවරයා සදහන් කළේය.

මේ අතර පළාත් සභා ඡන්දය පිළිබඳවද අදහස් දැක්වූ අමාත්‍යවරයා, එය කඩිනමින් පැවැත්විය යුතු බවත්, නව ක්‍රමයට අනුව සිදුවිය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය බවත් සඳහන් කොට සිටියේය.

එම මාධ්‍ය හමුවේදී තදුරටත් අදහස් දක්වා සිටි අමාත්‍ය සරත් අමුණුගම මහතා මෙසේ ප්‍රකාශ කළේය.

"...පළාත් පාලන මැතිවරණය මෙන්ම පළාත් සභා හා පාර්ලිමේන්තු මැතිවරණය කොට්ඨාශ ක්‍රමයට පැවැත්විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අදහසයි. එක් එක් පක්ෂ විවිධ මත ප්‍රකාශ කරන්නේ එම පක්ෂවල ප්‍රතිපත්ති අනුවයි. පක්ෂයේ අවශ්‍යතා හා පසුබිම අනුව ඔවුන් ඔවුන්ගේ අවශ්‍යතාව ප්‍රකාශ කරනවා...."

සෑම දේශපාලන පක්ෂයක් ම සිය පක්ෂයට හා රටට සාධාරණ තීන්දුවක් අපේක්ෂා කරන බව විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 

'SBS සිංහල' වාර්තාකරු නදීක දයා බණ්ඩාර මහනුවර සිට සැපයූ තොරතුරු ඇසුරිනි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now