SKIP TO MAIN CONTENT

ජෙරුසෙලම, ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගැනීමට ඔස්ට්‍රේලියාව තීරණය කරයි.

Morrison is considering moving Australian embassy to Jerusalem.
Source: AAP

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News


Skip to article content

ඊශ්‍රායලයේ අගනුවර ජෙරුසෙලම ලෙස පිළිගැනීමට ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් තීරණය කරයි.

මෙතෙක් අගනුවර ලෙසට පිළිගැනුණු ටෙල් අවීව් නුවර අතහැර ඊශ්‍රායලයේ නව අගනුවර ජෙරුසෙලම ලෙසට පිළිගනිමින් ඒ වෙත තම තානාපති කාර්යාල පවා රැගෙන යාමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මිට පෙර ක්‍රියාකළ අතර එය ලොව මහත් ආන්දෝලනයට තුඩුදුන් කරුණක් ද විය.

ඔස්ට්‍රේලියානු අගමැති මොරිසන් ගේ මම තීරණය සමඟින් ඕස්ට්‍රේලියාවද මෙම ආන්දෝලනාත්මක තීරණය ගත් දෙවන රට බවට පත්වනු ඇත.

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ජෙරුසෙලෙම් නුවර සම්බන්දව ඇති භුමියේ අයිතිය පිලිබඳ ගැටළුව හේතුවෙන් ඔස්ට්‍රේලියාව මේ වන තෙක් ඊශ්‍රායලයේ ඇති තම තානාපති කාර්යාලය ටෙල් අවීව් නුවර පවත්වාගෙන යයි.

කෙසේ වෙතත් ඊශ්‍රායලයේ අගනුවර ජෙරුසෙලම ලෙස පිළිගන්නා බවට වන නිල නිවේදනය අගමැති ස්කොට් මොරිසන් විසින් අද (16/10) සවස් භාගයේදී සිදුකිරීමට නියමිතය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now