SKIP TO MAIN CONTENT

ඇබෝරිජිනල් ආදිවාසීන්ගේ හිත් රිදෙන නිසා ඔස්ට්‍රේලියා දිනය වෙනස්කල යුතුයි : කම්කරු පක්ෂය කියයි

Australia day
Group of People Waving Australian Flags in Back Lit Source: iStockphoto

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

හෙටින් ඇරඹෙන සති අන්තයේ දී පැවැත්වෙන ඔස්ට්‍රේලියානු කම්කරු පක්ෂයේ වික්ටෝරියා ප්‍රාන්ත සමුළුවේදී වත්මන් Australia Day සමරන දිනය අහෝසි කරමින් ඒ සඳහා වෙනත් දිනයක් යොදා ගැනීම පිළිබඳ විවාදයක් පවත්වන්නට නියමිත බව වාර්තා වේ.

බ්‍රිතාන්‍යයේ සිට සිරකරුවන් රැගෙන පැමිණි ප්‍රථම නෞකා 11 1788 වසරේ ජනවාරි 26 වන දින නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ජැක්සන් වරායට සේන්දු වීම නිමිති කරගෙන සෑම වසරකම ජනවාරි 26 වන දින Australia දිනය සමරනු ලබයි.

නමුත් ජනාවාරි 26 වන දින Australia දිනය සමරනු ලැබීම ඔස්ට්‍රේලියාවේ ආදී වාසීන් වන අබෝර්ජීනියානු වැසියන්ට කෙරෙන අපහාසයක් සහ අගෞරවයක් බැවින් එම දිනය වෙනස් කළ යුතු බවට බොහෝ දෙනා පසුගිය වසර කිහිපයක සිට විරෝධතා පාමින් සිටිති.

මේ අනුව Australia දිනය මැයි 09 වන දින සැමරිය යුතු බවට කම්කරු පක්ෂය යෝජනා කරන අතර ඒ පිළිබඳ විවාදය හෙටින් ඇරඹෙන සති අන්තයේ දී පැවැත්වෙන ඔස්ට්‍රේලියානු කම්කරු පක්ෂයේ වික්ටෝරියා ප්‍රාන්ත සමුළුවේදී සිදු කිරීමට නියමිත් බවද වාර්තා වේ.

ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය පවත්වනු ලැබුවේද 1901 වසරේ මැයි 09 වන දින බැවින් එම දිනය Australia දිනය සැමරීමට වඩාත් සුදුසු බව කම්කරු පක්ෂය පවසයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now