SKIP TO MAIN CONTENT

ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත්කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවෙයි.

state declaration of the Pali Thripitaka as a heritage
state declaration of the Pali Thripitaka as a heritage

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලද ථෙරවාද ත්‍රිපිටකය, ලෝක උරුමයක් බවට පත්කිරීමේ අරමුණින් යුතුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

ජාතික උරුමයක් බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ ජාතික මහෝත්සවය මෙම ජනවාරි 05 වන දා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මාතලේ අලූවිහාරයේ දී පැවැත්විණි.

එහිදී අදහස් දක්වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසා සිටියේ ථෙරවාද ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට ප්‍රකාශයට පත් කළා සේම, එය ලෝක උරුමයක් බවට පත් කිරීමට අවශ්‍ය මැදිහත්වීම ද තමා ඉදිරියේ දී සිදු කරන බවයි. ඒ අනුව ඒ සඳහා වන කැබ්නට් යෝජනාව ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබිණි. එම යෝජනාවට ඊයේ දිනයේදී කැබිනට් අනුමැතිය හිමි වූ අතර ඉදිරියේදී එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නියමිතය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now