SKIP TO MAIN CONTENT

එක්සත් ජාතික පක්ෂය තනි ආණ්ඩුවක ට සැරසෙයි.

UNP is going to form their own government.
Source: Daily News

2 min read

Published

By Madhura Seneviratne


Skip to article content

පැවති පළාත් පාලන මැතිවරණයෙන් පසුව එක්සත් ජාතික පක්ෂය තනි ආණ්ඩුවක් පිහිටුවීමට එකඟතාවකට පැමිණි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමග අරලියගහ මන්දිරයේ ඊයේ (13/02) පැවති සාකච්ඡාවෙන් අනතුරුව  එම පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ප්‍රකාශ කර තිබේ.

මයන්ත දිසානායක, විජේපාල හෙට්ටිආරච්චි, නලීන් බණ්ඩාර, තුෂාර ඉදුනිල්, කාවින්ද ජයවර්ධන, බන්දුලලාල් බණ්ඩාරිගොඩ, හෙක්ටර් අප්පුහාමි ඇතුළු පසුපෙළ මන්ත්‍රීවරුන් 16 දෙනෙකු මේ සාකච්ඡාව සඳහා එක්ව සිටි බව සඳහන්.

මේ අතර පළාත්පාලන ආයතනවල බලය පිහිටුවීමට කිසිදු පක්ෂයක් සමග මෙතෙක් එකඟත්වයකට පැමිණ නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.

එක් පක්ෂයකට තනිව පාලන බලය පිහිටුවිය නොහැකි පළාත්පාලන ආයතන සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තේරී පත්වූ නියෝජිතයන්ට ඊට අදාළ උපදෙස් ලබාදෙන බව අමාත්‍යවරයා වැඩි දුරටත්  සඳහන් කළේය.

එමෙන්ම මැතිවරණය පැවැත්වූ පළාත්පාලන ආයතන අතුරින් 167 කට ආසන්න ප්‍රමාණයක පාලන බලය පිහිටුවීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයින්ගේ සහයෝගය අවශ්‍ය වන බවද සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් සඳහන්.

කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධුරයෙන් සහ පක්ෂ නායකත්වයෙන් ඉවත් වෙන ලෙස මේ වනවිට පක්ෂයෙන් දැඩි බලපෑමක් එල්ල වෙමින් පවතින බවද වාර්තා වේ.

අගමැතිවරයාගේ පාසලේ මිතුරන් සමග එක්වී ඔවුන්ගේ උපදෙස් අනුව ආණ්ඩුකරණය සහ එම මිතුරන්ට ආණ්ඩුවේ ප්‍රබල තනතුරු ලබාදීම හේතුවෙන් මෙම අර්බුද පැන නැගී ඇති බවද වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now