SKIP TO MAIN CONTENT

රනිල්ට එරෙහිව ගේන විශ්වාසභංගෙට සහය දෙන්නේ එහි ස්වරූපය බලලා : අනුර කුමාර දිසානායක

We will check the bottom-line before we support No faith motion against PM : Anura Kumara.
Source: SBS Sinhalese - Nadeka Daya Bandara

2 min read

Published

By Nadeeka Daya Bandara - Sri Lanka


Skip to article content

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එන්නේ නම් ජනතා විමුක්ති පෙරමුණ ඊට සහය දක්වන්නේ ද නොදක්වන්නේ ද යන්න තීරණය කරන්නේ එහි ස්වරූපය අනුව බව එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (28/02) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

යම් බලපොරයක අවශ්‍යතාව වෙනුවෙන් හෝ දේශපාලන අවශ්‍යතාවක් වෙනුවෙන් විශ්වාසභංගය ගෙන එන්නේ නම් ඒ සදහා සිය පක්ෂයේ සහයෝගය නොලැබෙන බව එහිදී ඒ මහතා කීවේය.

නමුත් අගමැතිධූරයේ කටයුතු නිසි ආකාරයෙන් සිදු නොකිරීම, වංචා හා දූෂණ සම්බන්ධයෙන් මෙන්ම සොරුන් ආරක්ෂා කිරීමට එරෙහිව විශ්වාසභංගය ගෙන එන්නේ නම් ඒ සදහා ජනතා විමුක්ති පෙරමුණ සහයදීමට සූදානම් බව කී ඒ මහතා මෙසේ ද ප්‍රකාශ කළේය.

"පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විශ්වාසභංගයේ ස්වරූපය හා දේශපාලන අවශ්‍යතාව පිළිබදව සලකා බැලීමට අප කටයුතු කරනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂා කිරීමට හෝ අග්‍රමාත්‍යධූරයේ කටයුතු පවත්වාගෙන යාම අපට අදාල කාරණයක් නොවෙයි. වංචාවට හවුල් වූ බවටත්, අග්‍රාමාත්‍යවරයා වංචාකරුවන් ආරක්ෂා කළ බවටත් ආදී ලෙස ඉදිරිපත් වන කරුණු වෙනුවෙන් වූ විශ්වාසභංගයකට ජනතා විමුක්ති පෙරමුණ සහයෝගය ලබා දෙනවා.  විශ්වාසභංගය ඉදිරිපත් කිරිමේදී කුමක් සදහා එය ඉදිරිපත් කරන්නේ දැයි කරුණ සදහන් කෙරෙනවා.  මහ බැංකු බැදුම්කර ගනුදෙනුවේ පාර්ශවකරුවෙකු ලෙස අග්‍රමාත්‍යවරයා හවුල්වීම, මහ බැංකු අධිපතිවරයා පත්කිරීමට ප්‍රයත්න දැරීම, මහ බැංකු වංචාකරුවන් ආරක්ෂාකිරීමට ප්‍රයත්න දැරීම, රාජපක්ෂ පවුලේ වංචා දූෂණ ආරක්ෂා කිරීමට ප්‍රයත්න දැරීම, සිරිලිය ගිණුමේ වංචා වෙනුවෙන් ශිරන්ති රාජපක්ෂ මහත්මිය බරපතල වංචා පිළිබද පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත ගෙන යාමට ඉඩ නොදීම ඇතුලු වංචා හා දූෂණ වෙනුවෙන් අප අපගේ සහයෝගය ලබා දෙනවා."

ජනතා විමුක්ති පෙරමුණට ජනවරමක් ලැබී තිබෙන්නේ කිසිදු කණ්ඩායමකට සහයෝගය ලබා නොදී කටයුතු කිරීමට වන බැවින් මෙම විශ්වාසභංගයේදී කිසිදු පාර්ශවයකට සහය නොදී ස්වාධීනව කටයුතු කරන බව එහි නායක අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now