SKIP TO MAIN CONTENT

දුමින්ද සිල්වාගේ මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය ස්ථිර කරයි.

Supreme Court affirms death sentence on Duminda Silva.
Source: Daily News

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ශ්‍රී ලංකාවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුලු විත්තිකරුවන් 03 දෙනෙකුට කොළඹ මහාධිකරණය ලබා දුන් මරණ දඬුවම, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (11/10) තහවුරු කරනු ලැබීය.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් දුමින්ද සිල්වා, චමින්ද රවී  ජයනාත්, අනුර තුෂාර ද මැල් සහ සරත් බණ්ඩාර ඇතුලු විත්තිකරුවන් 03 දෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කරනු ලැබිණි.

කෙසේවෙතත්, එම තීන්දුවට එරෙහිව විත්ත්කරුවන් විසින් අභියාචනා ඉදිරිපත් කළ අතර එම අභියාචනා සැලකිල්ලට ගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ මෙම තීරණය ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව මෙම නඩුවේ චෝදනා ලබා සිටි දුමින්ද සිල්වාගේ ආරක්ෂක පොලිස් නිලධාරියා වන අනුර තුෂාර ද මැල් නමැත්තා නිදොස් කොට නිදහස් කිරීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

නමුත් විත්තිකාර දුමින්ද සිල්වා, චමින්ද රවී  ජයනාත් සහ සරත් බණ්ඩාර යන විත්තිකරුවන්ගෙ  අභියාචනා නිෂ්ප්‍රභා කිරීමට විනිසුරුවරු තීරණය කළහ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now