SKIP TO MAIN CONTENT

බ්‍රිතාන්‍යයේ Brexit දික්කසාදය තීරණය කරන අවසන් පාර්ලිමේන්තු ඡන්දය හෙට.

 Brexit deal
Source: Getty Images

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීම හෙවත් Brexit ගණුදෙනුව තීරණය කිරීම සඳහා පවත්වන අවසන් ඡන්ද විමසීම හෙට (15/01) බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතය.

බ්‍රිතාන්‍ය අගමැතිනී Theresa May විසින් ගෙන එනු ලබන මෙම Brexit ඡන්දය යම් කිසි ලෙසකින් බ්‍රිතාන්‍ය රජය පරාජයට පත්වුවහොත් Brexit ගණුදෙනුව ඉදිරියට සිදුකරගෙන යාමට අවශ්‍ය කටයුතු නොකඩවා සිදුකිරීමට සැලැස්මක් බ්‍රිතාන්‍ය රජයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් සැලසුම් කර තිබෙන බවද සඳහන්.

මේ අතර Brexit පාර්ලිමේන්තු ඡන්දයෙන් බ්‍රිතාන්‍ය අගමැතිනී Theresa May පරාජයට පත්වුවහොත් ඇයට විරුද්ධව විශ්වාස භංගයක් ගෙන ඒමට කම්කරු පක්ෂ නායක Jeremy Corbyn කැමැත්ත පළ කර තිබේ.

එය බොහෝවිට මහ මැතිවරණයක් නැවත කැඳවීමට මග පාදනු ඇත.

Brexit ගණුදෙනුව නිමාවීමෙන් පසුවද යම් කිසි ගණුදෙනුවක් තිබේදැයි තමන්ට දැනගැනීමට අවශ්‍ය බව කම්කරු පක්ෂ නායක Jeremy Corbyn පවසයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now