ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික ප්‍රධාන පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක පත් කෙරේ.

Rumesh Ratnayake named Sri Lanka's interim coach for New Zealand series

Source: Facebook

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් තාවකාලිකව රුමේෂ් රත්නායක මහතා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (07/08) දිනයේදී පියවර ගෙන තිබේ.

ඒ අනුව ලබන සතියේදී ආරම්භවන ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ක්‍රිකට් තරඟාවලියේදී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් රුමේෂ් රත්නායක මහතා කටයුතු කරනු ඇත.

ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා එම ධූරයෙන් ඉවත් කිරීමත් සමගින් හිස්වූ පුහුණුකරු ධූරය සඳහා මෙලෙස රුමේෂ් රත්නායක මහතා පත් කරනු ලැබ ඇත.

ඔහු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවනන්ගේ පුහුණුකරු වශයෙන් ද කටයුතු කරමින් සිටියේය.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කර ඇති රුමේෂ් රත්නායක මහතා ටෙස්ට් තරග 23 කදී කඩුලු 73 ක් සහ ජාත්‍යන්තර එක්දින තරග 70 කදී කඩුලු 76 ක් දවාගැනීමට සමත්වී තිබේ.

ලබන සතියේදී ආරම්භවන ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ක්‍රිකට් තරඟාවලියට ටෙස්ට් තරඟ 2ක් සහ 20 යි 20 තරඟ 3 ක් ඇතුලත්.

අගෝස්තු 14 වන දින දෙරට අතර පළමු ටෙස්ට් තරඟය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතයි.

අද දිනයේදී (08/08) කණ්ඩායම් දෙක අතර 3න් දින පුහුණු තරඟය කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගනයේ දී ආරම්භ වේ.


1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now