SKIP TO MAIN CONTENT

කාන්තා සනීපාරක්ෂක උපකරණ සදහා වන බදු ඉවත් කොට එහි මිල අඩු කරන බවට ඕස්ට්‍රේලියානු රජය පවසයි ..(SBS සිංහල / වාර්තා)

tampon
Source: SBS

2 min read

Published

By Charitha Adikari

Source: SBS News


Skip to article content

කාන්තා සනීපාරක්ෂාව සදහා වන උපකරණ සදහා වන භාණ්ඩ හා සේවා බද්ද ඉවත් කල යුතු බව රාජ්‍ය භාණ්ඩාගාරික Scott Morrison පවසයි.

නමුත් මෙම අදහස කම්කරු පක්ෂය විසින් මීට මාස 3 ට පෙර ද පවසා තිබුණි.

දැන් රජය පවසන්නේ මෙම කාන්තා සනීපාරක්ෂක උපකරණ අතවශ්‍ය සෞඛ්‍ය සදහා වන භාණ්ඩ ගණයට එක් කරන බවයි . ඒ පිළිබද ප්‍රාන්ත නායකයන් දැනුවත් කරන බවද වාර්තා වේ.

මෙම බදු ඉවත් කරන ලෙස බොහෝ කාන්තා සංවිධාන වසර ගනනක සිට ඉල්ලීම් කොට තිබේ. condom හා lubricant වැනි ද්‍රව්‍ය වල මේ වන විටත් මෙසේ GST ඉවත් කොට තිබේ. ග්‍රීන්ස් පක්ෂය විසින් ද ඒ සදහා නොයෙක් ඉල්ලීම් සිදු කොට ඇති අතර මෙයට ප්‍රාන්ත හා territory වල සහය දිනා ගැනීම අවශ්‍ය වේ

වසර 2015 ද එවකට සිටි භාණ්ඩාගාරික Joe Hockey විසින් මෙය ක්‍රියාත්මක කිරීමට තැත්  කලද , එමගින් ලැබෙන ඩොලර් මිලියන 30 ක ආදායම නැති කර ගැනීමට ප්‍රාන්ත එකග වී නැහැ

කාන්තා කටයුතු පිළිබද අමාත්‍ය Kelly O'Dwyer පවසන්නේ ඕස්ට්‍රේලියානු කාන්තාවන් මෙයින් සහනයක් ලබන නිසා ප්‍රාන්ත සහය ලබා දිය යුතු බවයි

මේ පිලිබදව අදහස් දක්වන කම්කරු පක්ෂයේ උප නායිකා Tanya Plibersek පසුගිය අප්‍රේල් මස ප්‍රකාශ කලේ මෙම බද්ද කාන්තාවන්ට එරෙහි බදු ගැසීමක් වන බව.

රජයේ අදහසට කම්කරු පක්ෂය සහාය දුන්නද ඔවුන් පවසන්නේ මෙමගින් අහිමි වන GST ආදායම පියවීමට විකල්පයක් රජයට නොමැති බවයි.

නමුත් කම්කරු පක්ෂයේ අදහස natural tharapy උපකරණ සදහා බදු තුලින් එය පියවිය යුතු බවයි

නමුත් රජය පවසන්නේ GST වෙනස්කම් මගින් ප්‍රාන්ත වලට දැනටමත් අමතර ඩොලර් බිලියන 6.5ක් ලැබෙන බව 

 

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now