SKIP TO MAIN CONTENT

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලිය 2019 : එංගලන්තය පරදවා පකිස්ථානය තියුණු ජයක් ලබයි

Pakistan ODI Cricket team
Pakistan ODI Cricket team

2 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ හයවැනි තරගය ලෙස එංගලන්තය සහ පාකිස්තානය අතර නොටිංහැම්හි ටේ‍රන්ට් බ්‍රිජ් ක්‍රීඩාංගණයේදී  ඊයේ ( 3 June) පැවැති තරඟයෙන් ලකුණු 14 ක තියුණු ජයග්‍රහණයක් ලබාගැනීමට පාකිස්තානය සමත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 348 ක් ලබාගත්තේය. පාකිස්තාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ මොහොමඞ් හෆීස් පන්දු 62 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක් සමග ලකුණු 84 ක් රැස්කළේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 349 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත කණ්ඩායමට ඕවර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 334 ක් පමණි.

එංගලන්ත කණ්ඩායම ලකුණු 118 කට කඩුලු 4 ක් බිඳවැටී තිබූ අවස්ථාවේදී 5 වැනි කඩුල්ල වෙනුවෙන් දක්ෂ පිතිහරඹයක නිතර වෙමින් ජෝ රූට් ලකුණු 107 ක් සහ ජොස් බට්ලර් ලකුණු 103 ක් ලබාගැනීමට සමත් වුවද එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට ඔවුහු අපොහොසත් වූහ.

මේ අතර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා පිල සහභාගි වන දෙවැනි තරගය ඇෆ්ගනිස්තානයට එරෙහිව කාඩිෆ්හිදී  අද (4 June) පැවැත්වේ.  තරගය ඕස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් (AEST) රාත්‍රී 7.30 ට ආරම්භවීමට නියමිතයි. 

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය යන රටවල් දෙකම තම පළමු තරගය පරාජය වීම නිසා අද ආරම්භවන මෙම තරගය දෙපිලටම වඩාත් වැදගත් වී තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now