SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එළඹෙන ඔක්තෝබර් මාසයේදී ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක.

Australia to host Sri Lanka tour in October 2019.
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

එළඹෙන වසන්ත සහ ග්‍රීෂ්ම සෘතුවලට අදාළ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ජාත්‍යන්තර තරග කාලසටහන Cricket Australia ආයතනය නිවේදනය කර සිටී.

ඒ අනුව නවසීලන්තය, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව සමග ඔස්ට්‍රේලියාව එම කාලයේදී ඔස්ට්‍රේලියාවේදී තරග වැදීමට නියමිතය.

එම කාලයේදී තරඟ 28ක් පැවැත්වීමට නියමිත බව Cricket Australia ආයතනයේ අදාළ නිවේදනයේ දැක්වෙයි.

මෙම කාලසටහනට අනුව ශ්‍රී ලංකාව සමඟ ඔස්ට්‍රේලියාව තරඟ තුනකින් සමන්විත 20-20 තරඟාවලියකට සහභාගී වෙයි.

එහි පළමු තරගය ඔක්තෝබර් 27 වනදා Adelaide Oval ක්‍රීඩාංගනයේදී ආරම්භ වන අතර දෙවැනි තරගය බ්‍රිස්බන් Gabba ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තුන්වන සහ අවසන් 20-20 තරගය නොවැම්බර් 01 වන දින මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now