SKIP TO MAIN CONTENT

බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්නොවුණු ලංකාවේ වියළි කාලගුණය හේතුවෙන් දැඩි පිඩාවට පත්වුණු ප්‍රදේශ මෙන්න

Drought Situation – Sri Lanka
Drought Situation – Sri Lanka Source: SBS Sinhala

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

ලංකාවේ මේ දිනවල පවතින වියළි කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික පහක පවුල් 84 922ක් පීඩාවට පත්ව සිටිති.

වැසි රහිත කාලගුණයේ වැඩිම බලපෑම යාපනය, වව්නියාව, කිලිනොච්චි, මන්නාරම හා මුලතිව් යන දිස්ත්‍රිකවලට බලපා ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි.

වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ යාපනය දිස්ත්‍රිකයෙන් වන අතර එහි පවුල් 30,408 ක සමාජික සාමාජිකාවන් එක්ලක්ෂ දසදහස් එකසිය පනස් හයකට වියළි කාලගුණයේ බලපෑම් එල්ල වී තිබේ. එම දිස්ත්‍රිකයේ චාවකච්චේරි ප්‍රාදේශීය ලේකම් බල ප්‍රාදේශයේ පීඩාවට පත්ව ඇති පවුල් ප්‍රමාණය 11 640කි.

මන්නාරම් දිස්ත්‍රිකයේ පවුල් 29 421කට වියළි කාලගුණයේ බලපෑම් එල්ලවී ඇති අතර එහි පීඩාවට පත්ව ඇති පවුල් සංඛ්‍යාව එක්ලක්ෂ දෙදහස් හැටතුනකි. කිලිනොච්චි දිස්ත්‍රිකයේ පවුල් 21 272 ක් ද මුලතිව් දිස්ත්‍රිකයේ පවුල් 1996ක් සහ වව්නියා දිස්ත්‍රිකයේ පවුල් 1825ක් මේ වන විට පීඩාවට පත්ව සිටින බව අපදා කලමණාකරණ මධ්‍යස්ථානය කියයි.

මීට මාස තුනකට පමණ ඉහතදී වාන් මට්ටමේ තිබුණත් වැසි රහිත වියළි කාලගුණය හේතුවෙන් කොත්මලේ, වික්ටෝරියා, රන්දෙණිගල, බෝවතැන්න යන ජලාශවල ද ජල ධාරිතාව සියයට විස්සකින් පමණ පහත බැස ඇතැයි ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ දත්ත සදහන් කරයි.

 

SBS සිංහල ගුවන් විදුලි වාර්තාකරු නදීක දයා බණ්ඩාර මහනුවර සිට සැපයු තොරතුරු ඇසුරිනි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now