SKIP TO MAIN CONTENT

ලංකාවේ ෆේස්බුක් තහනම තව දුරටත්, රජය ෆේස්බුක් ආයතනයේ නිර්දේශ එනතුරු බලා සිටියි.

Facebook banned in Sri Lanka
Source: SBS

2 min read

Published

Updated

By Madhura Seneviratne


Skip to article content

ශ්‍රී ලංකාවේ ජාතිවාදය පතුරුවන හා ජාතික ආරක්ෂාවට හානි වන ෆේස් බුක් පිටු භාවිතයෙන් ඉවත් කිරිම ඇතුලූ රජය ලබාදෙන කොන්දේසි ඉටුකිරිමට ෆේස්බුක් ආයතනය කටයුතු කළහොත් එම තහනම ඉවත් කිරිමට පියවර ගන්නා බව විදුළි සංදේශන ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා පැවසීය.

 

මේ සම්බන්ධව ෆේස්බුක් ආයතනය සමග නොකඩවා සාකච්ඡා පවත්වමින් සිටින බවත් ඔවුන්ගෙන් යහපත් ප‍්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් අමාත්‍යවරයා පැවසූ බව ලංකාදීප පුවත් පත වාර්තා කරයි.

මෙය දේශපාලන ප්‍රශ්නයක් නොවන නමුත් ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇතිවන හෝ ජාතිවාදය පතුරවන දේවල් වලට ඉඩ ලබාදිය නොහැකි බව ඔහු පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ෆේස්බුක් ආයතනය තම නිර්දේශ ලබා දෙන තෙක්  රජය බලා සිටින බවද අමාත්‍යවරයා පැවසීය.

ජාතිවාදය  ඇතුලූ  කරුණු  සම්බන්ධයෙන්  වෙනස්කම්  කරන ලෙස ශ්‍රී ලංකා රජය දිගින් දිගටම ඉල්ලීම් සිදු කර තිබු නමුත් එම ආයතනය ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් මේ වන තෙක් නොගත් බවද විදුළි සංදේශන ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා පැවසීය.

සිංහල භාෂාව පිලිබඳ දැනුවත් ප්‍රමාණවත් පිරිස් Facebook ආයතනය තුල නොමැති වීම හේතුවෙන් මෙම කටයුත්ත දිගින් දිගටම ප්‍රමාදවෙමින් පවතින බවත් අමාත්‍යවරයා පවසා තිබේ. 

එහෙත් ඔවුන්ගෙන් යහපත් ප‍්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවත්  අමාත්‍යවරයා කියා සිටියේය.

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now