SKIP TO MAIN CONTENT

කැන්ගරුවන් පරදා ඉන්දියාව බොක්සිං දින ටෙස්ට් තරගය ජය ගනී.

India Win The Boxing Day Test By 137 Runs
Fox commentator Kerry O'Keeffe writes an open letter to Indian fans Source: AP

2 min read

Published

By Madhura Seneviratne


Skip to article content

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වුණු තුන්වන හෙවත් බොක්සිං දින ටෙස්ට් තරගයෙන් ලකුණු 137 ක ජයක් ලබා ගැනීමට ඉන්දියාව ඊයේ (30/12) සමත් විය.

ඉන්දියාව සිය ප්‍රථම ඉනිම සඳහා කඩුලු 7 කට ලකුණු 443 ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවා ඔස්ට්‍රේලියාවට පලමු ඉනිම සඳහා ආරාධනා කළේය.

ඔස්ට්‍රේලියාව සිය පලමු ඉනිම සඳහා සියල්ලන්ම දැවී ලකුණු 151 ක් ලබා ගත්තේය.

ඉන් අනතුරුව සිය දෙවැනි ඉනිම ඇරඹු ඉන්දීය කණ්ඩායම කඩුලු 8 කට ලකුණු 106 ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවා ඔස්ට්‍රේලියාවට සිය දෙවැනි ඉනිම සඳහා ආරාධනා කළේ ලකුණු 399 ක ජයග්‍රාහී ඉලක්කයක් ලබා දෙමිනි.

නමුත් ඔස්ට්‍රේලියානු පිළට සියල්ලන්ම දැවී ලබා ගත හැකිවුයේ ලකුණු 261 ක් පමණි.

තරගයේ වීරයා සම්මානය ඉන්දියාවේ Jasprit Bumrah හට හිමි විය.

මේ අතර ඔස්ට්‍රේලියානු පිළේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් වන Steve Smith සහ David Warner තම කණ්ඩායමේ නොසිටීම අඩුව මේ මොහොතේ ඉතා ප්‍රබල ලෙස දැනෙන බව ඔස්ට්‍රේලියානු නායක Tim Paine පැවසීය.

පසුගිය දකුණු අප්‍රිකානු සංචාරයේදී පන්දුව පළුදු කිරීමේ වරදට හසුවීම නිසා ඔස්ට්‍රේලියාවේ නිත්‍ය නායක සහ උප නායක දෙපළ වූ  Steve Smith සහ David Warner හට වසරක තරග තහනමක් පැනවුණි.

ඔවුන් ඉක්මණින් නැවතත් ඔස්ට්‍රේලියානු පිළට එක්වී ඔස්ට්‍රේලියාව යළි ශක්තිමත් කරනු ඇතැයි වර්තමාන ඔස්ට්‍රේලියානු නායක Tim Paine ඊයේ තරගයෙන් අනතුරුව පැවසීය.

ඊයේ ලැබූ ජයත් සමග ඉන්දියාව 2-1 ක් ලෙස ටෙස්ට් තරගාවලියේ පෙරමුණ ගෙන සිටියි.

දෙරට අතර සිව්වන ටෙස්ට් තරගය එළඹෙන ජනවාරි 03 වන දින ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් පෙරවරු 10.30 ට සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now